12 වැනිදාත් තැපෑල වැඩ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW): අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර තිබේ.

මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති භාණ්ඩ ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ,

“ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තුවට, මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු වසර මේ වසර. විදෙස් රටවල ඉන්න පිරිස් අපේ රටේ ඥාතීන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් පාර්සල් ලෙස එවලා. අපේ වගකීම ඒ භාණ්ඩ නිසි වෙලාවට ඒ අදාළ තැනට යොමු කිරීම. අපිට විශාල ප්‍රශ්නයක් වුණා අවුරුදු කාලේ එන දීර්ඝ නිවාඩු. ඒ අනුව තැපැල්පතිතුමාගේ උපදෙස් මත සියලුදෙනා තීරණය කරලා තියෙනවා 12 වෙනිදාත් සේවයට වාර්තා කරන්න. රේගු නිලධාරීනුත් අපිට සහාය දෙන බවට දැනුම්දීලා තියෙනවා.” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...