ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024

ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රහක දායකත්වයෙන් ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලියේ ආරම්භක උත්සවය බස්නාහිර පළාත් තරග ආරම්භ කරමින් 2024 මාර්තු 30 දින හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ප්‍රධාන ලේකම් A.S නාලක මහතා සහ ඩයලොග් ආසියාටා සමාගමේ මෙහෙයුම් කළමණාකරු කළමනාකරු මංජුල ගුණසේකර මහතා ඇතුලු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ ඩයලොග් ආසියාටා සමාගමේ නිලධාරීන්ද මේ සදහා සහභාගි විය.

බස්නාහිර පළාත් තරග සඳහා පිරිමි කණ්ඩායම් 15 ක් සහ කාන්තා කණ්ඩායම් 10 ක් සහභාගි වූ අතර මෙහිදී බස්නාහිර පළාත් පිරිමි තරගාවලියේ ශූරතාවය රදාවාන ගෝල්ඩර්න්  බර්ඩ්ස් ක්‍රීඩා සමාජය  විසින් දිනාගත් අතර අනුශූරතාවය පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය විසින්  දිනා ගන්නා ලදී. බස්නාහිර පළාත් කාන්තා ශූරතාවය කිරිඳිවැල සංඝමිත්තා ක්‍රීඩා සමාජය දිනාගත් අතර අනුශූරතාවය හෝමාය ක්‍රීඩා සමාජය දිනාගන්නට සමත් විය.

මෙහිදී මෙම ශූරතා සහ අනු ශූරතා දිනාගත් කණ්ඩායම් 2024 ජුනි මස පැවැත්වීමට නියමිත ජාතික තරගාවලිය සදහා සුදුසුකම් ලබාගන්නා ලදී.

මෙම තරගාවලියේ ඉතිරි පළාත් තරග අලුත් අවුරුදු උත්සව කාලසීමාවෙන් අනතුරුව පැවැත්වීමට සුදානම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...