අදත් මන්ත්‍රී කාවින්ද CID යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට අදාළව සාක්ෂි ලබාදීමටයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර,පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයකට ලක්විය.

ඒ සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර, ඊට අදාළව සාක්ෂි සටහන් කර ගැනීම සඳහා පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඒ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

හිටපු ජනාධිපතිවරයාට මෙම ප්‍රකාශයෙන් නිදහස් විය නොහැකි බව, ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය්ස්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...