(VIDEO):ඩොලරය ස්ථාවර වෙනවා කියල ආතල් එකේද ඉන්නේ – මෙන්න තිත්ත ඇත්ත

Date:

කොළඹ LNW:ආර්ථිකයේ අතපය බැඳ දමමින් මේ මොහොතේ වෙළෙඳපොළ තුළ ඩොලරය කෘතිමව පාලනය කර තිබෙන තත්ත්වයක් පවතින බව ජාතික ජනතා පක්ෂයේ නායක ආර්ථික විශ්ලේෂක මංජු නිශ්ශංක මහතා පවසයි.

ආර්ථික සංකෝචනය කර තිබෙන පසුබිමක ඩොලර් ඉල්ලුම පහළ දමමින් ඩොලරයේ අගය පාලනය කළ හැකි බවයි නිශ්ශංක මහතා පෙන්වා දෙන්නේ.

ආර්ථිකයේ අතපය බැඳ තිබෙන පසුබිමක මෙලෙස ඩොලරය පාලනය කළ හැකියි.

2022 ආර්ථිකය 10%ක පමණ ප්‍රමාණයක සංකෝචනය වුණු අතර 2023 පළමු මාස 06දී තවත් 9.8%කින් ආර්ථිකය සංකෝචනය වූ බවත් මේ වන විට ආර්ථික කඩා වැටීම හමුවේ සුළු මාධ්‍ය පරිමාණ කර්මාන්ත 250,000ක් පමණ වසා දැමීමට සිදුවුණු පසුබිමක ඩොලරයට ඇති ඉල්ලුම පහළ යන බව ඔහු කියාසිටියි.

මන්ද මෙවැනි පසුබිමක ආනයන සීමා පනවා තිබෙන බවයි මංජු නිශ්ශංක මහතා පවසන්නේ.

ආනයන සීමා ඉවත් කර ආර්ථිකය ප්‍රකෘතිමත් කළොත් ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් විනිමය අනුපාතය තවදුරටත් ඉහළ යන බවද ඔහු අවධාරණය කරයි.

මේ මොහොතේ රජය සිදුකර තිබෙන්නේ දේශපාලන වාසි වෙනුවෙන් ආර්ථිකය උගසට තැබීමක් බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විනිසුරු ලෆාර් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමේ යෝජනාව සලකා නොබලයි. අභියාචනාධිකරණයට දෙදෙනෙකු පත්කිරීමට අනුමැතිය

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ...

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...