*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

මේ අර්බුදය නිර්මාණය කලේ මෙතුමා ය !!!

1977 ඇති කළ විවෘත ආර්ථක ක්‍රමය 1980 ගණන්වල දී ජනයා අතර අතිශයින් අප්‍රසාදයට ලක් වී තිබුණි. 1988 දී ප්‍රේමදාසට ඡන්දය දිනාගැනීමට හැකි වූයේ බොහෝ දුරට ජවිපෙ ඡන්ද වර්ජනයේ පිහිටෙනි. 1994 දී චන්ද්‍රිකා පැමිණියේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් පොරොන්දු වෙමිනි. චන්ද්‍රකාගේ ජනප්‍රියත්වයද ඉක්මනින් පිරිහිනි. උපා මාරුවකින් බලයට පැමිණි රනිල්ගේ යලිපුබුදමු ශ්‍රී ලංකා ලේබලය යටතේ දියත් වූ විවෘත ආර්ථික වැඩ පිළිවෙල ද ඉක්මනින් ප්‍රතික්ෂේප විය.

මේ තත්වය වෙනස් වී 1977 ආරම්භ කළ ආර්ථික වැඩපිළිවෙල ජනප්‍රිය එකක් කිරීමට හැකි වූයේ 2005 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටයි. ඊට හේතු වූයේ 1980 ගණන්වල මැද ආරම්භ වූ නව සිංහල-බෞද්ධ ජාතිකවාදය සිය දේශපාලන අභිලාෂ සාක්ෂාත් කරගැනීම සදහා මහින්ද රාජපක්ෂ නායකත්වය තෝරාගත් නිසාය. ඒ අයගේ අපේක්ෂා අතරින් ඒ අයට රාජපක්ෂ ආණ්ඩුව ලවා සාක්ෂාත් කරගැනීමට හැකි වූයේ දැවැන්ත ජන සංහාරයක් කොට දෙමළ සන්නද්ධ අරගලය පරාජය කිරීම පමණි.

එම පරාජයෙන් පසු 1977 ආරම්භ කළ ආර්ථික ගමනට තටු ලැබිණි. මේ ආර්ථික විනාශයේ අරුමය පෙන්නුම් කරමින් කොළඹ අහස අරා වැජඹෙන නෙළුම් කුළුණේ සුදුහුණු ගෑමට මෙතුමාගේ ගෝල පරපුර සරම කැහැපොට ගසාගෙන එන මට්ටමට තත්වය වර්ධනය විය. සෙස්ස ඉතිහාස ගත වී හමාරය.

මේ අර්බුදය ඇති කලේ ජේආර් බව මෙතුමාගේ ද අදහසයි. නමුත් ජේආර් ඇති කල ක්‍රමය අර්බුදයට හේතුවක් වූයේ එය රාජපක්ෂ ක්‍රමය යටතේ ජාතිත චින්තන අයිසින් වල තවරා මහින්ද චින්තන පැකට්ටුවේ බහා ලක්දිව සතර දිග්භාගයේ ජනයාට ගිල්ලවූ විටයි. ඒ නිසා මේ අර්බුදය නිර්මාණය කලේ එතුමාය. ඊළාම් යුද්ධය ජයගැනීමේ ගෞරවය මෙන්ම මේ අර්බුදයේ ගෞරවයද එතුමාට ලබාදීමට අප පසුබට නොවිය යුතුය.

  • නිර්මාල් රංජිත් දේවසිරි

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan