හමාස් දේශපාලන නායක Haniyeh ගේ පුතුන් තිදෙනෙකු සහ මුනුබුරන් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියා ගේ පුතුන් තිදෙනෙකු සහ මුනුබුරන් 4 දෙනෙකු ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව , එම සංවිධානය තහවුරු කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔවුන් ගමන් කරමින් තිබූ මෝටර් රථයට ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වූ බවයි.

එම මෝටර් රථය ප්‍රහාරයට ලක්ව ඇත්තේ ගාසා නගරය ආසන්නයේ අල්ෂාටි කඳවුර අසල දීය.මොවුන්, රාමසාන් හි පළමු නිවාඩු දිනය සැමරීමට පවුලේ උත්සවයක් සඳහා සහභාගී වීමට යමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත.

ඔහුගේ පුතුන් හමාස් හමුදා අංශයේ සාමාජිකයින් බව ඊශ්‍රායල හමුදාව පවසයි.

මෙම ප්‍රහාරයත් සමග සටන් විරාම ගිවිසුමකට එළඹීම ඉලක්ක ‍කර ගනිමින්, හමාස් සංවිධානය සිදු ‍කෙරෙන සාකච්ඡාහි කිසිඳු ඉල්ලීමක් වෙනස් නොකරන බව හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...