රජයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින දරුවන්ට ජනපතිගෙන් තෑගි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): එළැබෙන සිංහල දමිල අවුරුද්ද වෙනුවෙන් රජයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින දරුවන් දස දහසකට ආසන්න සංඛ්‍යාවකට අලුත් අවුරුදු තෑගි ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් අනුව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

 “ළමා නිවාසවල දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් අවුරුදු තෑගි “ යන තේමාව යටතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් වසර ගනනාවක සිට නුවරඑළිය ප්‍රදේශයේ ළමා නිවාසවල දරුවන් සඳහා අලුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග ලබාදෙයි. මෙම වැඩපිළීවෙල තවදුරටත් ව්‍යාප්ත කරමින් රටේම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ට මෙලෙස අවුරු තෑගි ලබාදීමට උපදෙස් දී ඇති බව පැවසේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් යුතුව පෞද්ගලික අංශයේ උපකාරයෙන් යුධ හමුදා නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දෘශ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත දරුවන් ඇතුළුව ළමා සංවර්ධන මධ්‍යස්ථානවල වෙසෙන දරුවන් 8721ක් වෙත මෙම තෑගි මලු බෙදා දීමට කටයුතු යොදා ඇත.

ජනාධිපතිතුමන් විසින් මෙවර අලුත් අවුරුද්දේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ සියලු දරුවන් සඳහා සතුට ලබාදීමේ අරමුණින් බව වැඩිදුරටත් සඳහන් වේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...