රජයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින දරුවන්ට ජනපතිගෙන් තෑගි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): එළැබෙන සිංහල දමිල අවුරුද්ද වෙනුවෙන් රජයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින දරුවන් දස දහසකට ආසන්න සංඛ්‍යාවකට අලුත් අවුරුදු තෑගි ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් අනුව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

 “ළමා නිවාසවල දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් අවුරුදු තෑගි “ යන තේමාව යටතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් වසර ගනනාවක සිට නුවරඑළිය ප්‍රදේශයේ ළමා නිවාසවල දරුවන් සඳහා අලුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග ලබාදෙයි. මෙම වැඩපිළීවෙල තවදුරටත් ව්‍යාප්ත කරමින් රටේම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ට මෙලෙස අවුරු තෑගි ලබාදීමට උපදෙස් දී ඇති බව පැවසේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් යුතුව පෞද්ගලික අංශයේ උපකාරයෙන් යුධ හමුදා නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දෘශ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත දරුවන් ඇතුළුව ළමා සංවර්ධන මධ්‍යස්ථානවල වෙසෙන දරුවන් 8721ක් වෙත මෙම තෑගි මලු බෙදා දීමට කටයුතු යොදා ඇත.

ජනාධිපතිතුමන් විසින් මෙවර අලුත් අවුරුද්දේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ සියලු දරුවන් සඳහා සතුට ලබාදීමේ අරමුණින් බව වැඩිදුරටත් සඳහන් වේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...