අපි ලෑස්තියි.දිනයයි වෙලාවයි කියන්න.ෆයිනල් මැච් එකම ගහමු – NPP නලින්ද

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගය ලෙස නායක අනුර දිසානායක සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ විවාදයට සූදානම් හෙයින් දිනය සහ වෙලාව පවසන ලෙස එම කටයුත්ත සම්බන්ධීකරණයට ජාතික ජන බලවේගයෙන් පත් කර සිටින වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

”2023 ජනවාරි මාසේ තමයි අභියෝග කළේ අනුර දිසානායක විවාදයකට. ඒ විවාදය ගැන සජිත් හාන්කවිසියක් නොදන්නවා වගේ හිටියා. ඒක අමතක කරලම තමයි සජිත් හිටියේ. ඒ විවාදය ගැන කතා බහක් ඇති වෙන විට වෙනත් කණ්ඩායමක් ලවා විවාදයකට ලෑස්ති වෙන්න තමයි සජිත් කටයුතු හිටිය බව පෙන්නේ. සජිත් ඒකට බයද නැද්ද කියල දන්නේ නැහැ. අපි ලෑස්තියි සජිත් ප්‍රේමදාස එක්ක මේ විවාදය කරන්න. ඒ ගැන අපේ මතය මාධ්‍ය නිවේදනයක් හරහා දැනුම් දීලා තියෙනවා.

එම විවාදය පැවැත්වීම සඳහා සම්බන්ධීකරණය කරන්න ජාතික ජන බලවේගය පැත්තෙන් මාව පත්කරලා තියෙනවා. අපි ලෑස්තියි. දින වෙලාව යොදාගමු කොහොමද කරන්නේ කියල. හැබැයි ඒ පැත්තෙන් ඒකට ප්‍රතිචාරයක් නැහැ. සජිත් ප්‍රේමදාස එන්නේ නැත්නම් හරි ඔවුන් කැමති නැත්නම් ඔහුව එවන්න ඊළඟට බලමු අපේ ආර්ථික කවුන්සිලය හා සමානව ඔවුන් ඉදිරිපත් කරන කණ්ඩායම එක්ක විවාදය කරන්න.

ඉන්නේ ටීම් දෙකයි නම් ප්‍රදර්ශන මැච් ගන්න දෙයක් නැහැ ෆයිනල් මැච් එකම ගහමු. එතකොට තීන්දුව හරි පැහැදිලියි.” යනුවෙන් ජයතිස්ස මහතා තවදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...