අපි ලෑස්තියි.දිනයයි වෙලාවයි කියන්න.ෆයිනල් මැච් එකම ගහමු – NPP නලින්ද

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගය ලෙස නායක අනුර දිසානායක සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ විවාදයට සූදානම් හෙයින් දිනය සහ වෙලාව පවසන ලෙස එම කටයුත්ත සම්බන්ධීකරණයට ජාතික ජන බලවේගයෙන් පත් කර සිටින වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

”2023 ජනවාරි මාසේ තමයි අභියෝග කළේ අනුර දිසානායක විවාදයකට. ඒ විවාදය ගැන සජිත් හාන්කවිසියක් නොදන්නවා වගේ හිටියා. ඒක අමතක කරලම තමයි සජිත් හිටියේ. ඒ විවාදය ගැන කතා බහක් ඇති වෙන විට වෙනත් කණ්ඩායමක් ලවා විවාදයකට ලෑස්ති වෙන්න තමයි සජිත් කටයුතු හිටිය බව පෙන්නේ. සජිත් ඒකට බයද නැද්ද කියල දන්නේ නැහැ. අපි ලෑස්තියි සජිත් ප්‍රේමදාස එක්ක මේ විවාදය කරන්න. ඒ ගැන අපේ මතය මාධ්‍ය නිවේදනයක් හරහා දැනුම් දීලා තියෙනවා.

එම විවාදය පැවැත්වීම සඳහා සම්බන්ධීකරණය කරන්න ජාතික ජන බලවේගය පැත්තෙන් මාව පත්කරලා තියෙනවා. අපි ලෑස්තියි. දින වෙලාව යොදාගමු කොහොමද කරන්නේ කියල. හැබැයි ඒ පැත්තෙන් ඒකට ප්‍රතිචාරයක් නැහැ. සජිත් ප්‍රේමදාස එන්නේ නැත්නම් හරි ඔවුන් කැමති නැත්නම් ඔහුව එවන්න ඊළඟට බලමු අපේ ආර්ථික කවුන්සිලය හා සමානව ඔවුන් ඉදිරිපත් කරන කණ්ඩායම එක්ක විවාදය කරන්න.

ඉන්නේ ටීම් දෙකයි නම් ප්‍රදර්ශන මැච් ගන්න දෙයක් නැහැ ෆයිනල් මැච් එකම ගහමු. එතකොට තීන්දුව හරි පැහැදිලියි.” යනුවෙන් ජයතිස්ස මහතා තවදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...