*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

ප්‍රාථමික අයවැය තුලනය වන ආකාරය

ගෙවුනු 2022 අවුරුද්දේ රජයේ ආදායම් හා වියදම් ගැන පෙර සටහනක විස්තර කළා. පහත තිබෙන්නේ එම ආදායම් හා වියදම් වල සාරාංශයක්.

ආදායම් සහ ප්‍රදාන එකතුව දදේනි % ලෙස – 8.3%යි.
පොලී ගෙවීම් හැර වියදම් දදේනි % ලෙස – 12.0%යි
පොලී වියදම් දදේනි % ලෙස – 6.5%යි.
ප්‍රාථමික අයවැය හිඟය දදේනි % ලෙස – 3.7%යි.
සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස – 10.2%යි.

යෝජිත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව, 2025 වසර වන විට ඉහත තත්ත්වය වෙනස් වී දැනට දදේනියෙන් 3.7%ක හිඟයක්ව පවතින වන ප්‍රාථමික අයවැය ශේෂය දදේනියෙන් 2.3%ක අතිරික්තයක් වීමට නියමිතයි. එය සිදු වන්නේ රාජ්‍ය ආදායම දදේනියෙන් 14.9% දක්වා වැඩි වීමෙනුයි. මෙය සිදු වන්නේ පහත ආකාරයෙනුයි.

බදු ප්‍රතිසංස්කරණ නොමැතිව අපේක්ෂා කළ හැකි වූ ආදායම – 8.1%
මූල්‍ය සේවා මත වැට් බද්ද වැඩි කිරීම – 0.1%
සමාජ සංරක්ෂණ බද්ද – 0.8%
පුද්ගල ආදායම් බදු ආකෘතිය වෙනස් කිරීම – 0.6%
ලාභාංශ මත රඳවා ගැනීමේ බදු වැඩි කිරීම – 0.2%
සමාගම් බදු වැඩි කිරීම – 0.2%
සමාගම් බදු සඳහා බදු සහන ඉවත් කිරීම – 0.3%
වැට් බද්ද 12% දක්වා වැඩි කිරීම – 0.7%
වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම – 0.5%
වැට් බදු සඳහා අවම සීමාව අඩු කිරීම – 0.06%
වැට් බදු සහන ඉවත් කිරීම – 1.4%
ඉන්ධන බදු වැඩි කිරීම – 0.3%
විදුලි සංදේශ බදු වැඩි කිරීම – 0.02%
සූදු ක්‍රීඩා හා ඔට්ටු දැමීම් බදු වැඩි කිරීම – 0.03%
මත්පැන් හා දුම්වැටි බදු වැඩි කිරීම – 0.4%
මත්පැන් හා දුම්වැටි බදු උද්ධමනය හා ගැලපීම – 0.2%
තෑගි හා උරුම බද්ද – 0.2%
ධන බද්ද – 1.0%
මහ බැංකුවේ ලාභාංශ අහිමිවීම – (-0.1%)
ආදායම් එකතුව – 14.9%

පොලී හැර රජයේ වියදම – 12.6%
ප්‍රාථමික අයවැය අතිරික්තය – 2.3%
පොලී වියදම් දදේනි % ලෙස – 7.3%යි.
සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස – 5.0%යි.

ඉහත බදු අතරින් තෑගි හා උරුම බද්ද සහ ධන බද්ද හැර අනෙකුත් බදු සියල්ලම මේ වන විටද පනවා අවසන්. තෑගි හා උරුම බද්ද සහ ධන බද්ද පැනවීමට නියමිතව තිබෙන්නේ 2025 ජනවාරි 1 දින සිටයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan