පැරා පදක්කම්ලාභින් ක්‍රීඩා ඇමති හමුවට

Date:

ඕස්ට්‍රේලියාවේ පැවති ජාතික පැරා මලළ ක්‍රීඩා ශූරතාවලිය 2023 තරගාවලියේදී පදක්ම් දිනූ (දිනේෂ් ප්‍රියන්ත හේරත් – හෙල්ල විසිකිරීම – රන් පදක්කම, සමිත දුලාන් – හෙල්ල විසිකිරීම – රිදී පදක්කම) ක්‍රීඩකයින් සහ ඩුබායි හී පැවති ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී පදක්කම් දිනූ (අනිල් ප්‍රසන්න ජයලත් – මීටර් 100 ධාවන ඉසව්ව – රන් පදක්කම,මධුරංග සුභසිංහ – මිටර් 400 ධාවන ඉසව්ව – රන් පදක්කම,නුවන් ඉන්දික – මීටර් 100 ධාවන ඉසව්ව හා දුර පැනීම – රිදී පදක්කම,ප්‍රදීප් සෝමසිරි – මිටර් 1500 ධාවන ඉසව්ව – ලෝකඩ පදක්කම) යන ක්‍රීඩකයිනුත් සමඟ ඊජිප්තුවේ පැවති විවෘත පැරා ටේබල් ටෙනිස් ශූරතාවලියේදී රන් පදක්කම දිනූ දිනේෂ් දේශප්‍රිය ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මුණ ගැසුණා.

එහිදී ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගයූ අමාත්‍යවරයා ඉදිරි තරගාවලි සඳහා පුහුණුවීම් කටයුතුවල ප්‍රගතිය පිළිබදව ද විමසා සිටියා. සියලු කටයුතු ඉතා හොදින් සිදු වන බවත්, ඉදිරි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පුහුණුවීම්හි නිරත වෙමින් හොද සූදානමකින් පසුවන බවත් ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් එහිදී පවසා සිටියා.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...