සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 12, කොළඹ (LNW):අද (12) පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා , ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.
ගුවන්තොටුපොළ හා වරායේ සේවය කරන නිලධාරීන් කළු පටි පලඳිමින් අද රාජකාරියේ නිරත වූ බව සඳහන් වේ.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පැවැත්වීමට හේතු වූයේ, ආගමන විගමන නිලධාරී හිඟය නිසිකලට තනතුරු පුරප්පාඩු නොපිරිවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන බව වාර්තා වේ.