හෙට (13) බලුකිස්තානයේදී දැවැන්ත මහජන රැලියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙට (13) බලුකිස්තානයේදී , පාකිස්තානයේ අලුතින් පිහිටුවනු ලැබූ විරුද්ධ පක්ෂවල ප්‍රබල සන්ධානය සමඟ එක්ව දැවැන්ත මහජන රැලියක් පවත්වන බව ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂය නිවේදනය කර ඇතැයි පාකිස්තානයේ ‘එක්ස්ප්‍රස් ට්‍රිබියුන්‘ පුවත් සේවය වාර්තා කළේය.

ටෙහ්රිකී ඉන්සාෆ් පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පාකිස්තානයේ වත්මන් රජයට එරෙහිව දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම එම රැලියේ අරමුණ බවයි.

බලුකිස්තානයේ පිෂින් දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත එම ජනතා රැලිය ටෙහ්රිකී ඉන්සාෆ් පක්ෂය සහ සෙසු විරුද්ධ පක්ෂවල දැවැන්ත සන්ධානයක් ගොඩ නැඟීමට ඉවහල් වනු ඇතැයි ද එම පක්ෂයේ නියෝජිතයන් විශ්වාසය පළ කර තිබේ.

එම සියලුම පක්ෂ පෙබරවාරි 8 වැනිදා පැවැති පාකිස්තාන මහමැතිවරණයේ ප්‍රතිළුල පිළිබඳ සෑහීමකට පත් නොවන බවත්, ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිය සිරගත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන කටයුතුවල නිරත වු සෙසු පක්ෂවල සාමාජිකයන් සිරගත කිරීම හෙළා දකින බවත් ටෙහ්රිකී ඉන්සාෆ් පක්ෂය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...