හෙට (13) බලුකිස්තානයේදී දැවැන්ත මහජන රැලියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙට (13) බලුකිස්තානයේදී , පාකිස්තානයේ අලුතින් පිහිටුවනු ලැබූ විරුද්ධ පක්ෂවල ප්‍රබල සන්ධානය සමඟ එක්ව දැවැන්ත මහජන රැලියක් පවත්වන බව ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂය නිවේදනය කර ඇතැයි පාකිස්තානයේ ‘එක්ස්ප්‍රස් ට්‍රිබියුන්‘ පුවත් සේවය වාර්තා කළේය.

ටෙහ්රිකී ඉන්සාෆ් පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පාකිස්තානයේ වත්මන් රජයට එරෙහිව දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම එම රැලියේ අරමුණ බවයි.

බලුකිස්තානයේ පිෂින් දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත එම ජනතා රැලිය ටෙහ්රිකී ඉන්සාෆ් පක්ෂය සහ සෙසු විරුද්ධ පක්ෂවල දැවැන්ත සන්ධානයක් ගොඩ නැඟීමට ඉවහල් වනු ඇතැයි ද එම පක්ෂයේ නියෝජිතයන් විශ්වාසය පළ කර තිබේ.

එම සියලුම පක්ෂ පෙබරවාරි 8 වැනිදා පැවැති පාකිස්තාන මහමැතිවරණයේ ප්‍රතිළුල පිළිබඳ සෑහීමකට පත් නොවන බවත්, ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිය සිරගත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන කටයුතුවල නිරත වු සෙසු පක්ෂවල සාමාජිකයන් සිරගත කිරීම හෙළා දකින බවත් ටෙහ්රිකී ඉන්සාෆ් පක්ෂය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...