ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බරපතළ හිඟයක් ඇති බවට ප්‍රචාරණය වන තොරතුරු අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනය පහතින් දැක්වේ.

කෙසේවෙතත් රෝහල්වල ඖෂධ සහ වෛද්‍ය උපකරණ බරපතළ හිඟයක් පවතින බව වෛද්‍ය සංගම් පසුගිය දින කිහිපය තුළ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අතර එම හිඟය පියවා ගැනීම සඳහා ආධාර කිරීමට විදෙස්ගත ලාංකිකයින් ඉදිරිපත් වී ද තිබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන මෙම නිවේදනයෙන් සිදුවනු ඇත්තේ එම ආධාර නැවතීම ය.

May be an image of text
No photo description available.

RN