උතුරු චීනයට දැඩි සුළඟක් ඇතිවන ළකුණු!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 12,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මෙම සති අන්තයේ, උතුරු චීනයට දැඩි සුළඟක් ඇතිවිය හැකි බවට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙන අතර, සති අන්තයේ ඇතිවිය හැකි එම තද සුළං ප්‍රවාහය පැයට කිලෝමීටර් 150ක පමණ වේගයකින් හමා යා හැකි බවට අපේක්‍ෂා කෙරෙයි. 

ඒ අනුව උතුරු චීනයේ ජනතාවට එළිමහනේ රැඳී නොසිට නිවෙස්වල රැඳී සිටින ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබෙන අතර,  කිලෝග්‍රෑම් 50ට අඩු පුද්ගලයින් ඇතිවිය හැකි සුළං ප්‍රවාහයට හසුවුවහොත් පහසුවෙන් ගසාගෙන යා හැකි බවට චීන බලධාරීන් අනතුරු අඟවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

සාමාන්‍යයෙන් මෙම කාලසීමාවේදී මොංගෝලියාව හරහා උතුරු චීනය දෙසට තද සුළං ප්‍රවාහයක් ඇති වීම සෑම වසරකම සිදු වනවන අතර, එහෙත් මෙවර එම සුළං ප්‍රවාහය වසර ගණනාවකින් පසු වඩාත් දැඩි විය හැකි බවට අනතුරු අඟවා ඇත. 

ඒ හේතුවෙන් දශකයකට පමණ පසු සුළි කුණාටුවක් පිළිබඳ තැඹිලි පැහැති අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද චීන බලධාරීන් විසින් නිකුත් කර තිබෙන බව පැවසේ. 

මෙම සුළං ප්‍රවාහය හේතුවෙන්  බීජිංහි උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 13කින් පහත වැටෙනු ඇති බවට අනුමාන කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...