කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන ගත් තීරණය!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන වෙත මාසයක කාලයක් ලබාදීමට එම නිර්දේශ සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභා වලින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එම කාලය ලබා දී ඇත.

අදාළ නිර්දේශ සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී උක්ත තීරණය ගෙන ඇති බව සඳහන්.

ක්‍රියාත්මක නොවුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපි යොමු කිරීමටත් මසක් තුළ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඊට හේතු ලිඛිතව කාරක සභාව වෙත ලබාගැනීමටත් තීරණය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවට මාස 20ක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ බලයෙන්...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...