මැයි 06 වෙනිදායින් පස්සේ විපක්ෂයේ කෙඳිරි ගාන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ – ඇමති හඳුන්නෙත්ති

සටහන – රුවන් නෙළුගොල්ල

සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහ හෝ රාජපක්ෂ කෙනෙකු හෝ ජනාධිපති ධුරයෙහි සිටියේ නම් පොලිස්පතිවරයා හැංගෙන්නේ ඒ ජනාධිපතිවරයාගේ නිවසේ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“විපක්ෂයේ ඒගොල්ලො ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන ඒ කාලෙ කිව්වෙ මොකක්ද ? අනුර කුමාර දිසානායක බලයට ආවොත්, මාලිමාවෙ ආණ්ඩුවක් ආවොත් හාමුදුරුවන්ට දානෙත් හම්බවෙන්නෙ නෑ කිව්වා. මම මේ හාමුදුරුවො වේදිකාවෙ තියාගෙන කියන්නෙ, කොහෙ හරි පන්සලක හාමුදුරුවොන්ට දානෙ නැතිවුණාද මාලිමාවෙ ආණ්ඩුවක් ආපුවාම ? මේ පොඩි කෙඳිරියක් තියෙනවානෙ අපිත් ඉන්නවා කිය කිය. ඔය කෙඳිරියත් ඉවර වෙනවා මැයි 06 වෙනිදායින් පස්සෙ. ඊටපස්සෙ කෙඳිරි ගාන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ. පට්ට හොරු කියාදෙන්න එනවා අපට හොරු අල්ලන හැටි. සජිත් හරි, රනිල් හරි, නාමල් හරි, මහින්ද හරි, ගෝඨාභය හරි ජනාධිපති වෙලා හිටියා නම් ඔය පොලිස්පති හැංගෙනවාද ? හැංගෙනවා, හැංගෙන්නෙ ඒගොල්ලොන්ගෙ ගෙදර”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඊයේ (අප්‍රේල් 11) පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...