IMF වැඩසටහන සුරක්ෂිත කරන්න කැපවෙනවා – ඇමති සේමසිංහ IMF ප්‍රධානීට වගවෙයි!

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මෙරට තුළම සුරක්ෂිත කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැපවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මහතා පවසා තිබේ.

ඒ, G24 අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර පැවති සාකච්ජාවේදීය.

වොෂින්ටනයේ පැවති G24 අමාත්‍ය මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාය.

සිය නිල ගිණුමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ මෙම රැස්වීමේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ අභියෝග මධ්‍යයේ තිරසාර සහ සාමුහිකවර්ධනයක් සුරක්ෂිත කිරීම බවයි.

“ජාත්‍යන්තර ප්‍රජාවට සහ බහුපාර්ශ්වික ආයතනවලට තිරසාර සහ සාමුහික වර්ධනයක් ලබා ගැනීම සඳහා නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ප්‍රතිපත්තිමය ප්‍රයත්නයන්ට ඵලදායී ලෙස සහාය විය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර සාකච්ඡා කිරීමට මෙම රැස්වීම වේදිකාවක් සැපයීය. මෙහි ප්‍රධාන කොටසක් වන්නේ ද්‍රවශීලතා සහය මෙන්ම නිල සහ පෞද්ගලික මූලාශ්‍රවලින් ආසන්න හා මධ්‍ය කාලීන මූල්‍යකරණයට ප්‍රවේශ වීමයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.

තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී , ආර්ථික අර්බුදයේදී මුහුණ දෙන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා කෘතඥතාව පළ කර ඇති අතර, IMF වැඩසටහන මෙරට තුළ ම සුරක්ෂිත කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම රාජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබේ. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.

ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ Anne Bjerde මහත්මිය සමඟ සාකච්ඡාවක නිරත වූ රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, ආර්ථික ප්‍රකෘතියට සහාය වන්නේ කෙසේද යන්න පැහැදිලි කර ඇත.

මෙම සාකච්ඡාවේදී කළමනාකාර අධ්‍යක්ෂවරිය විසින්, ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ කටයුතු සහ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් ලෝක බැංකුවේ සහාය සහතික කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝපා සභාපති පුටුවට රවී ??

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරය සඳහා...

චිචීගේ රොකට් එකට රජයේ මුදල් යොදවා නෑ. එයින් රටට වාර්ෂිකව කෝටි සිය ගණනින් ආදායම් ලැබිලා – අගමැති හරිනි

චිචීගේ රොකට් එක නමින් ප්‍රසිද්ධියට පත්වූ සුප්‍රීම් සැට් සන්නිවේදන...

චීන ගිම්හාන සමය උණුසුම් කළ සිනමාපටය!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය පිළිබඳ ජයග්‍රහණයේ 80 වන...

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර...