සුභසාධක ගෙවීම් ජූනි මාසයේ සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සුභසාධක ගෙවීම් සිදුකිරීම ලබන ජූනි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. නිවාස ඒකක තිස්දෙලක්ෂයකට අධික ප්‍රමාණයක අයදුම්පත් පරීක්ෂා කර සංගණන කටයුතු අවසන් කර ඇති බව එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කරයි.

සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා ඒ පිළිබඳ මෙසේ පැහැදිලි කළේය .

“ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන තැනැත්තන්ගේ ලැයිස්තුව හදාගන්නවා. ඒ ලැයිස්තුව හදාගත්තට පස්සේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, ග්‍රාම නිලධාරී කාර්යාල මට්ටමින් ප්‍රදර්ශනය කරනවා. ඒ ප්‍රදර්ශනය කරන්නේ, පනතේ විධිවිධාන අනුව අභියාචනා සහ විරෝධතා සඳහා අවස්ථාවක් ලබාදිය යුතු හින්දා. ඒ අනුව දවස් 10ක කාලයක් අභියාචනා සහ විරෝධතාවලට කාලය ලබාදෙනවා. එසේ ලැබෙන විරෝධතා සහ අභියාචනා දිස්ත්‍රික්කයේ දිසාපතිවරයාට් විසින් පත්කරනු ලබන ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභියාචනා සහ විරෝධතා පරීක්ෂා කිරීමේ අභියාචනා විරෝධතා කමිටුව විසින් පිළිගෙන සොයාබලා සුබසාදක පත්‍ර දාපු මණ්ඩලයට නිර්දේශයක් කරනු ලබනවා. ඒ නිර්දේශය කිරීමෙන් පසු අපි ලබන ජුලි මාසයේදී දීමනා ගෙවීමට සැලසුම් කරලා තියෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...

මිනසෝටා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : එක්සත් ජනපදයේ මිනසෝටා...

BRAKING NEWS : මාලිමාව ජයගනී ! කොළඹ නගරාධිපති ධුරය බල්තසාර්ට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට ජාතික ජන බලවේගයේ...