ශ්‍රී ලංකා කාන්තා ඛණ්ඩායමට අද තීරණාත්මක තරගයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 13, කොළඹ (LNW): දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සිය දෙවන එක්දින තරගයට මුහුණ දෙනවා.පළමු තරගය වර්ෂාව හමුවේ ජය පරායෙන් තොරව නිමා වූ නිසා මේ තරගයේ තීරණය තරගාවලියේ කණ්ඩායමක් පෙරමුණට ගෙන ඒම සඳහා වැදගත් වෙනවා.
අද සහභාගි වන කණ්ඩායම් දෙකේ දත්ත සළකා බැලීමේදී ජයගග්‍රහණ අතින් දකුණු අප්‍රිකාව ඉදරියෙන් සිටියත්, කණ්ඩායම් දෙකේ වැඩිම ලකුණුලාභිණිය සහ කඩුලුලාභීණිය සළකා බැලීමේදී ඉදිරියෙන් සිටින්නේ චමරි අතපත්තු සහ ඕෂධී රණසිංහයි.චමරි තරග 10 දී ලකුණු 471 ලබා සිටින්නේ ඉණිමක සාමාන්‍ය 67.29 ක් ලෙස තබාගෙනයි.ඕෂධි තරග 8 දී කඩුලු 13 ක් ලබා සිටිනවා.එහි සාමාන්‍ය 5.74 ක් ලෙස සටහන් වෙනවා.එසේම දෙපිලේ තුන් ඉරියව් දක්ෂතා සළකා බැලීමේදී පිතිකාරිණියක ලෙසත්,පන්දු යවන්නියක ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා අතර දෙවන තැන සිටින්නී කවීශා දිල්හාරිත් පෙරමුණේ සිටිනවා.


මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ බල ඇණිය ඉතාම ප්‍රබල තත්ත්වයක පසුවන අතර චමරි අතපත්තු ප්‍රමුඛව හර්ෂිතා සමරවික්‍රම,විශ්මි ගුණරත්න,කවීශා දිල්හාරි,නිලක්ෂි ද සිල්වා මෙන්ම හසිනි පෙරේරා ද සිටින්නේ ලකුණු අතර මෙන්ම සැළසුමකට හඹා යාමේ ඉහළ තලයකයි.එහෙත් එක්දින ක්‍රීඩා තරග ව්‍යහුය තුළ අත්දැකීම් මදකමක් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තිබෙන අතර මේ තත්ත්වයට ප්‍රතිකර්ම ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පැවත් වූ එක්දින තරගාවලිය තුළ ලද අත්දැකීම්වල ප්‍රතිපල කවරේද යන්න විමසා බැලීමටත් මේ අවස්ථාව වැදගත් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?