*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

අශෝක ජයතුංග

අප්‍රේල් 13, වොෂින්ටන් LNW :

🍎නරියා නුවරඑළි හීතලේ අඔරන බලගතු ගුලි….?

🍎පොහොට්ටුවේ තීන්දුව මහින්ද අතට යාමේ වැඩි වාසිය කාටද….?

🍎 නරි වලිගේ එල්ලී  දෙව් ලොව යාම…..?

🍎සජබෙන් කඩන අය ගැන සාගල හා රවි ගෙ ගණං මිණුම්….?

🍎කපටි නරියා හරි ට්‍රැක් එකට. මැයි දිනෙන් පස්සෙ ඡන්දෙට…..!

🍎මම බෙර ගහන්නම්. උඔල නටපල්ලා……?

🍎හිටං ගෙ බෙල්ල යන ඊළග කතාව…….?

🍎සජිත් ට දෙකොණ පත්තුවෙන චැලෙන්ජ් ….?

🍎මාළිමාව හා කොටි හිතවාදීන් සෙට්වීම…..?

🍎ජවිපෙ හා මාළිමාව අතර  මත අරගල….?

🍎සුජිත් මංගල ගෙ මාළිමා විග්‍රහය බණ්ඩාර පොලිෂ් කිරීම…..?

🍎නැවේ අන්තරායකර ද්‍රව්‍ය ගැන ඇමෙරිකන් මහින්ද  හා තානාපති නඩයේ මෙහෙයුම…..?

🍎අවුරුදු නිවාඩුවට ඇමෙරිකාව වදින්න එන  නඩය…. ?

🍎බැදුම්කර හැර සියලු ණය දැන් ගෙවනවා. බංගලි ණයත් ගෙව්වා….!

                       2023 සිංහල අවුරුද්ද නන්නපෝල් ය.මෙවර සුරසැප නැතත් නරකම නැත.කෑම හා රෙදි කඩ මෙන්ම වීදි උතුරා ගියේය. එදා තෙල් ගෑස් කිරිපිටි  පෝළිමේ වේලුනු අය රෙදි පෝළිමට යැව්වේ රනිල්  මිස කොටියා හෝ රතු අලි පැටව් නොවේය.

     ඇමති විජේදාසගේ නීතීඥ දිවියට 40 පිරෙන උත්සවයට රනිල් හිල්ටන් යනවිට මෛත්‍රී හිටං වාඩිවී සිටියේය.

     “එතුමා රටත් අමාරුවෙ දාන බෙල්ල යන කතා කියන්නෙ. ඊලග කතාව මොකද්ද දන්නෑ” ජනපති කීවේ කොක්හඬලමිනි. අසල සිටි චරිත හේරත් ට තටිටුවක් දැමීමට ද නරියා පසුබට වුයේ නැත.

     ජනපති ශ්‍රී මහා බෝධි ගියේ අලුත් සහල් මංගල්‍යට ය.

    “ඔබතුමා කතාවක් කරන්න” ඇමති අමරවීර කීවේය.

       “මේ උත්සවයේ ජනාධිපති කතා නොකරන සම්ප්‍රධාය කඩන්න නරකයි” ජනපති කීය.

     “උතුරු මැදටත් ගුරු පත්වීම් දෙන්න” ආණ්ඩුකාර මහීපාල ඉල්ලීය.

     “මම අධ්‍යාපන හා මුදල් ලේකම්ලට කියන්නම්” පිළිතුරු ලැබිණ. අටමස්ථානාධිපති සමග උඩ මළුව වැදගත් ජනපති ගියේ මන්ත්‍රී නන්දසේනට අවසන් ගෞරව දක්වන්නටය.

     වැව් තාවුල්ලක තරුණ හමුවකටද ජනපති ගියේය. නිවේදකයෙකු වූ ඇමති මනූෂ හා දුමින්ද දිසා එය මෙහෙයවීය.

      “නිවේදන කටයුතු වලට කැමති අය ඇවිත් මයික් එක ගන්න” රනිල් යෝජනා කළේය.  සෙල්පි ගසා අවසන්වන විට සියල්ල හෙම්බත්ව සිටියහ.

     අනුරපුර සිට මහනුවර ආ ජනපති හමුවී සහායදීමට පළාත් පාළන නඩයක් පැමිණ තිබිණ. ඉන් බහුතරය පොහොට්ටුවන් වූහ.

        “මම ජයනා එක්ක හොදට උඩරට නැටුම් නැටුවා. චන්ද්‍රිකාත් නැටුවා. දැන් මම බෙරගහනවා.ඔයාල නටන්න”උඩරට නැට්ටුවන් අමතා නරියා කීවේ සිනාමැදය. තරුණ හමුව නිමකල ජනපති රාත්‍රී හෝජනය ගත්තේ නීතීඥවරු සමඟය.

     පසුදා කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාළම විවෘත කොට ආරක්ෂක මණ්ඩලය නිමවා ආබාධිත රණවිරුවන්ට විදුලි රෝද පුටු දෙන්නට ද ජනපති ගියේය.

      “මැයි දිනේ හොඳට කරල ඡන්ද වැඩේට අත ගහමු”නරියා ට්‍රැක් එකට ආවේ එජාප කළමනාකරණ කමිටුවේදීය.

    “සජබෙන් 12 ක් ගන්න පුළුවන්”රවි කීය.

     “මට 20 ක් පොරොන්දු දීල තියෙනවා” සාගල කීවේ රවි ට කොචොක් එකටද ඇත්තටමදැයි දන්නේ නැත.

      “ගන්න කට්ටිය ගැන ඉක්මන් කරන්න කියල කැම්පේන් කම්පැණියත් කියනවා” සාගල දෙසාබෑවේය.

    පොහොට්ටුවෙ ඇමති ලා හා ඊටත් ඉහළ පිරිස් 13 ක් හා මන්ත්‍රීවරු 24 ක් ද ජනපතිගේ නරි වලිගේ එල්ලී දෙව් ලොව යන්නට සූදානම්ය. SB ගෙ නම එම ලැයිස්තුවේ තිබුණ ද ඔහුට අදාළ මෙහෙයුම මුහුදු 07 ක් එහා සිට දියත් වෙමින් තිබේ.

      “සජබ නායකයන්ට ඔබතුමාගෙයි මාළිමාවෙයි චැලෙන්ජ් දෙකකට මුහුණ දෙන්න වෙලා” එහිදී කියවින.

     “පොහොට්ටුවේ තීන්දුව මහින්ද අතට පත්වීමේ වැඩි වාසියත් ඔබතුමාටයි” ඒ විග්‍රහය ඇසූ ජනපති මද සිනහක් පෑවද කිසිත් කීවේ නැත.

       සුජිත් මංගල ද සිල්වා ගේ ලංකා නිව්ස්වීක් වෙබ් අඩවිය හරහා මාළිමාවේ ඡන්ද සංඛ්‍යා දත්ත ගැන මහාචාර්යවරු කළ විග්‍රහය නැගලා ගිහින්ය.මාළිමාවට දිනන්නට ගියවරට වඩා 1482% ක එනම් 14 ගුණයක ඡන්ද ප්‍රමාණයක් ගතයුතු බව ඉන් කියවින. පොහොට්ටුවේ මහාචාර්ය රංජිත් බණ්ඩාර එය ඉදිරියට ගෙන ගියේය.

     “ජනපතිවරණය දිනන්න ඡන්ද ලක්ෂ 71 ක් ගන්න වෙනවා. ජවිපෙ දිනනවා නම් 1764% කින් ඡන්ද වැඩි කරගන්න වෙනවා. ඒක හීනයක්” ඔහු කියා තිබිණ.

      “අනුරගෙ කැනඩා ගමන යට දෙමළ ඩයස්පෝරාව හිටියාය,එයාල ඩොලර් මල්ලක් දුන්නාය, දෙමළ සන්නද්ධ අරගලයට සහායදීම ගැන කැනඩාවට ස්තුතිය කියල අනුර ඩයස්පෝරාව සතුටු කලාය කියන කතා ලීක් වුණා. අනුර ලංකාවට ආ ගමන් උතුරට යාමත් ඒකෙම කොටසක්” ජාත්‍යන්තර උපදේශකයෙකු කීවේය.

      “උතුරෙ රැළියට දෙමළ සන්ධානයේ සුමන්තිරනුත් නැග්ගා.මේව එකම දම්වැලක්.දෙමළ සන්නද්ධ සටන්කාමීන්ට මාළිමා රජයකින් යුක්තිය ඉටුකරනවායි ප්‍රතිඥා ලැබුණු නිසා සුමන්තිරන් නැග්ගාය කියලත් ආරංචියි. ඒක බැරෑරුම්” එහිදී කියවින.

       මුදල් අමාත්‍යාංශයට පැමිණි ජනපති පැමිණ සිටි අය සමඟ ආ ගිය තොරතුරු කතා කළේය.

     “ඩොලරය වැටල රුපියල උඩ ගියේ ණය නොගෙවන නිසා කියල විපක්ෂය බොරු දෙසනවා” නිළධාරියෙක් කීය.

     “ජාත්‍යන්තර බැදුම්කර හැර අනිත් ණය අපි ගෙවනවා. ගෝටාභය ගත්ත බංගලදේශ ණයත් ගෙව්වා” කපටි නරියා ඇදලා ඇරියේ මළ පැනලාය.

     “අස්වැසුම, නිවාස, නිවාස ඔප්පු. හාල්,දරුවන්ට ආහාර.වැඩි පඩි ලැබෙනවා” සාගල කිවේය.

     “රාජා භවතු ධම්මිකෝ” ඇමති මනූෂ කීවේය.

    “අර විවාදෙන් දෙගොල්ලම ඉවරයි. සජබ අභියෝගයට මාළිමාව බයවෙලා. ජවිපෙ හා මාළිමාව අතර කොමියුනිස්ට් හා ලිබරල් කඔ ඇදිල්ල නිසා වැඩ පිළිවෙලක් හදාගන්න බැරුව අනාථ වෙලා ඉන්නෙ” මනූෂ කීවේය.

       අවුරුදු සමයේ බලවතුන්  පවුල් පිටින් රටය. ඇමෙරිකාවටත් මැති ඇමතිලා හා බැංකු ලොක්කන් තොගයක් එමින් ගමනේය. එහෙත් කපටි නරියා හා බිරිඳ මෛත්‍රී නුවරඑළියේය. ඔවුහු වැඩ අල්ලන්නේ අසරණ දරුවන් සමගය. එ් අස්සේ හීතල මැද ඡන්ද ගුලි ඇඔරීමට නරියා පසුබට නොවනු ඇත.ඒවා ඉතා බලවත් ගුලි බව ද ආරංචිය.

          පාළමකුත් කඩාගෙන ලංකාවට එන නැව ඇමෙරිකන් මහින්දට අභියෝගයක්ව තිබේ. ඒ එහි ඇති කන්ටේනර 4644 න් අන්තරායකර ඒවා 56 ක් තිබෙන බවට පත්තුවීමය.

       මහින්ද හා තානාපති නඩය ඇත්ත සෙවීමට මෙහෙයුමක් කළහ. නැවේ සිටි ලාංකික ඉන්ජිනේරු සමන් කාරියවසම් සමග ද කතා කළේය. නැව අප්‍රේල් 15 – 17 ලංකාවට පැමිණීමට තිබුණ ද පාළමේ දැවැන්ත කොටස් පතිතවීමෙන් නැව තවම වොෂින්ටන් යාබද පැටස්කෝ ගගේ හිරවෙලාය.

      අන්තරායකර ලේබලය යටතේ පවතින කන්ටේනර් 56 න් ලංකාවට බාන්නේ එකකි. එහි ඇත්තේ සාමාන්‍ය බැටරි, පිරිසුදු කරන ද්‍රව්‍ය බව නැව් සමාගම හා ඇමෙරිකාවේ අදාළ සියලු ආයතන වලින් තහවුරු කරගැනීමට තානාපති කාර්යාලය සමත්ව තිබේ.

     ඇමෙරිකානු නීතිය යටතේ නැව්වල ගෙනයා හැකි CDC (Certain dangerous cargo) යටතේ පවතින ද්‍රව්‍ය නැව තුළ නොමැති බවට ද තහවුරු කරගෙන තිබේ. නැවට පටවා ඇත්තේ හැසඩස් මෙටීරියල්ස් (Hazardous Materials) මිසක හැසඩස් වේස්ට් (Hazardous waste) නොවන බවට ද එනම් මිනිස් සෞඛ්‍යට, පරිසරයට නැව තුළ පවතින කිසිදු දෙයක් අහිතකර නොවන බවට ද සහතික ලැබී තිබේ. ජනපති හා විදේශ අමාත්‍යාංශය දැනුවත් කිරීමට ද වොෂින්ටන් තානාපති කාර්යාලය ක්‍රියා කළේය.

     “සාක්කුවක තියෙන ලයිටරයත් අන්තරායකර ඝනයටයි වැටෙන්නේ” වොෂින්ටන් තානාපති කාර්යාල ආරක්ෂක ප්‍රධානීයා කීවේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan