ඇන්දුවා ඇති. මේක සංගීත පුටු තරගයක් නෙවේ – සජිත්ගෙන් මහින්දට පිළිතුරු (VIDEO)

Date:

තරුණ පරපුර පාරට බැස ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා බවත් ඔවුන්ගේ අරගලය නිවැරදිව අවබෝධ කරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රණවිරුවන් ඉදිරියට දමා ඇග බේරා ගැනීමට ආණ්ඩුව කටයුතු කළද, යුද්ධය ජයගත් සරත් ෆොන්සේකා ඇතුලු රණවිරුවන්ගෙන් පලිගත්තේ කවුද කියා ලොවම දන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා, රණවිරුවන්ගෙ අභිමානය පාවා දුන්නේ කවුද කියා සියලු දෙනා දන්න බව ද සිහිපත් කළේය.

විසිවැනි සංශෝධනය අහෝසිකොට 19 ශක්තිමත්ව ගෙන ඒමටත්, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විශ්වාසභංගයක්, දෝෂාභියෝගයක් පමණක් නොව ඉන් එහාට ඕනෑම ව්‍යවස්ථාමය තීන්දු ගන්නට පසුබට නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද අවස්ථාවාදී ලෙස මැති ඇමති තනතුරු වෙනුවෙන් ඔලුගෙඩි මාරුව සිදුවනබව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ එය නොවන බවද කීය.

අද ඇත්තේ විකෘති ආර්ථිකය ප්‍රතිපත්තියක් බවත් ජාත්‍යන්තර සබඳතා ගිලිහී ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විදෙස් සංචිත සහ විනිමය අනුපාත ශක්තිමත් කිරීමේ ක්‍රමවේදය පැහැදිලි කළ විපක්ෂ නායකවරයා නව දැක්මකින් ජාත්‍යන්තරය ජයගත යුතු බවද පැහැදිලි කළේය.

පවත්නා අර්බුද වලට සුහුරු සහ විද්‍යාත්මක විසදුම් දියයුතු බවත් ආර්ථික යුද්ධය ජයගත යුත්තේ අවියෙන් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදයේත්, ආර්ථිකයේත්, දේශපාලනයේත් නව වැඩපිළිවෙළක් අවශ්‍ය බව කී ඒ මහතා රට ගොඩනැගීම උදෙසා විධිමත්ව නැගී සිටිය යුතු බවත් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (12) විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...