*
Friday, March 29, 2024
spot_img

Latest Posts

රාජපක්ෂලා පාරවල්වලින් හොරාකාපු සල්ලිවලින් මන්ත්‍රීලා මිලදී ගන්නවා – දයාසිරිගෙන් චෝදනා (VIDEO)

රාජපක්ෂවරුන් සුපුරුදු බල ක්‍රීඩාවම නැවත ආරම්භ කර ඇති බවටත් ඔවුන් මහාමාර්ග ව්‍යාපෘතිවලින් සොරකම් කළ මුදල් යොදවා මන්ත්‍රීවරුන් මිලදී ගනිමින් සිටින බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.

“රාජපක්ෂලා පරණ පුරුදු සෙල්ලමම නැවත පටන් අරන්. පාරවල්වලින් හොරාකාපු සල්ලිවලින් මන්ත්‍රීවරුන් දැන් මිලදී ගන්නවා. ශාන්ත බණ්ඩාරට කීයක් දුන්නාද අපි දන්නෙ නෑ. ඒත් අපි දන්නවා වටිනාකමක් සහිතව ගිහින් තියෙන්නෙ. මේ ජනපති මෙහෙම කරයි කියලා හිතුවෙ නෑ. හිටපු රාජපක්ෂලා පක්ෂ දෙකට තුනට කැඩුවා. ඒ පරණ පුරුදු රාජපක්ෂලාගෙ ජරාජීර්ණ දේශපාලනය ගෝඨාභය රාජපක්ෂත් කරනවා. මන්ත්‍රීවරුන් මිලදී ගෙන 113 හදලා හෙට ඉඳලා ජනතාවට මුහුණ දෙන්න බෑ. අපි ආණ්ඩුවට එරෙහිව එළියට බහිනවා. මතක තියාගන්න නැවත රාජපක්ෂලා එක්ක ආණ්ඩු හදනවා නම් ඒකට උදව් කරන්න ලෝකෙ රටවල්වලට අපි ඉඩ තියන්නේ නෑ. නින්දිත ආණ්ඩුව එක්ක නැවත ගනුදෙනු නෑ”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (12) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan