නැවතත් මියන්මාරයේ දකුණු වෙරළ තීරය ආසන්නයේ භූ කම්පනයක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 13 කොළඹ LNW :

මියන්මාරයේ දකුණු වෙරළ තීරය ආසන්නයේ යලිත් භූ කම්පනයක් හටගෙන තිබෙන අතර, යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසන්නේ, රික්ටර් මාපක 5. 4 ක  භූ කම්පනයක් ඇති වූ බවයි.

මෙම භූ කම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 35 ක් පමණ ගැඹුර ට ඇති වී ඇති බවයි වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, භූකම්පනයෙන් කිසිදු දේපල හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මීට සති දෙකකට පෙර මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පනායක් ඇති වූ අතර  දැවැන්ත භූමිකම්පාවෙන් පසු ඊයේ දින වන විට මියන්මාරයේ සහ අවට ප්‍රදේශවල පසු කම්පන 468 ක් වාර්තා වී තිබු බවයි. 

එම භූ කම්පානයෙන් පුද්ගලයින් 3600 කට වැඩි පිරිසක් මිය ගොස් 4,500 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර  විශාල දේපළ හානියක් සිදු විය. මේ හේතුවෙන් මියන්මාරයට රටවල් රැසක් මානුෂිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , මේ අතර, සහන සේවා සඳහා සහාය වීම සඳහා මියන්මාරයේ පාලක හමුදාව, පවතින සිවිල් යුද්ධයේදී තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...