*
Tuesday, April 15, 2025
spot_img

Latest Posts

රිලේ කානිවල් ලංකාවේ සතුට සහ ඉන්දියාවේ සතුට

නිශ්මං රණසිංහ අප්‍රේල් 13 කොළඹ LNW :

ශ්‍රී ලංකාව පාසල් සහය දිවීමේ සූරතාවලිය තුළ පැවත් වූ යම් කිසි ජාත්‍යන්තර නියෝජනයක් පෙන් වූ මීටර 400 සහය දිවීමේ තරගයෙන් ජය ගැනීමට සමත් විය.එහි වැදගත්කම වන්නේ ශ්‍රී ලංකා බී කණ්ඩායම දෙවන ස්ථානය දිනා ගැනීමත්,ශ්‍රී ලංකා සී කණ්ඩායම පිලිපීනය සහ මාල දිවයිනට ඉදිරියෙන් සිටීමට සමත්වීමත්ය.

තෙවන ස්ථානය දිනූ ඉන්දියානු කණ්ඩායම අවුරුදු 20 ට පහළ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් එකක් බවත්,ඔවුන් එම වයස් කාණ්ඩයේ ජාතික වාර්තාව ඉක්මවා ධාවනය කර ඇති බවත් ප්‍රසිද්ධ වන්නට ගත්තේ තරගය නිමා විමෙන් ඉනික්බිතිවය.එම කාලය විනාඩි 3:08.02 කි.ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ කාලය වූයේ විනාඩි 3:05.58 කි.එය ශ්‍රී ලංකා වාර්තාව වන විනාඩි 3:01,56 ට වඩා සැළකිය යුතු අඩුවකි.එම වාර්තාව තැබීමට දායක වූ ක්‍රීඩකයින් වූයේ අරුණ දර්ශන,රාජිත රාජකරුණා,පබසර නිකූ සහ කාලිංග කුමාරගේ ය.

බැලූ බැල්මට මේ අනුව ඉන්දියාව මේ තරගාවලියට ශ්‍රී ලංකාවට එවා ඇති මීටර් 400 සහය දීවිමේ කණ්ඩායමේ ප්‍රගතියක් ලබා ගෙන ඇත.ඒ ශ්‍රී ලංකාවේ ඉහළම දක්ෂයන් සමඟ ධාවනයේ යෙදීමට ලැබීම නිසාය.ඒ අනුව ඇත්තටමත් ඉන්දියාව සාර්ථකය.

එසේම ශ්‍රී ලංකාව මේ තරගයේ දී අසාර්ථක නැති බව කියන්නට හොඳම සාධකය වන්නේ ජතික වාර්තාව පිහිට වූ කණ්ඩායමේ සිටිය පබසර නිපූ සහ රාජිත රාජකරුණාය.එසේම එම කණ්ඩායම සහභාගි වන මොහොතේ දිනුක දේශාන් ද එම කණ්ඩායමේ සිටිය බව මට මතකයක් ඇත.මේ තිදෙනාම මේ තරගාවලියේ ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා සී කණ්ඩායමටය.එයින් පෙනෙන්නේ රට තුළ මීටර් 400 ඉසව්ව වෙනුවෙන් පවතින තරගනාරීත්වය කෙතරම් ඉහළ ගොස් ඇද්ද යන්නය.ඒ,බි සහ සී ලෙස ඉදිරිපත් වූ කණ්ඩායම් අතර ඇත්තේ ඉතා සුළු වෙනසක්ය.කොයියම් මොහොතක හෝ එය වෙනස් විය හැකිය.

ඒ නිසා කලෙකට පසුව ශ්‍රී ලංකාවේ මීටර් 400 ඉසව්ව සුගත්,රොහාන්,ප්‍රසන්න,අශෝක,රෝහිත සහ රංගලාගේ කාලයට අනුව ආසියාවට අභියෝග කළ හැකි මට්ටමක ඇත.එයින් හතරක් තෝරා ගෙන ඒ හතර දෙනා ගැන පමණක් බැලීමට වඩා වැඩ පිළිවෙලක් අවශ්‍යය වන්නේ මේ 12 දෙනාම එක මිටට ගෙන බලා ගැනිමේ වැඩ පිළිවෙලක්ය.රාජිත රාජකරුණා,පබසර නිපූ යළි ජාතික කණ්ඩායමට ඒමට සමත් දස්කම් දක්වන බව සිතන්න.එයම ඉසව්ව තව දුරටත් දියුණු විමේ පණිවිඩය වන්නේය.

විනාඩි 3:05.58 කාලය වාර්තා කරමින් තරගය ජය ගත්තේ අරුණ සහ කාලිංග සමඟ සදෙව් රාජකරුණා සහ එච්ඩීආර් මධූශ ය.
ජෙරොම් සංජය නිශාන්ත්,ශහරාන් මේඝවර්ණම්,මොහොමඩ් අෂ්ෆැක් සහ සේතු මිශ්රා ඉන්දය අවුරුදු 20 න් පහළ ඉන්දීය ජාතික වාර්තාවට උරුමකම් කියූ ක්‍රීඩකයෝ වූහ.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan