ශ්‍රී ලංකාවේ රාජ්‍ය-පෞද්ගලික බැංකු 13ක් ගැන Fitch Ratings අවධානයෙන්

0
425

බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය හිඟ වීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක් දෙස පරීක්ෂාවෙන් බලා සිටින බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ස් – Fitch Ratings ආයතනය සඳහන් කර ඇත.

ඒ අනුව මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, සෙලාන් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, යූනියන් බැංකුව, අමානා බැංකුව, සණස සංවර්ධන බැංකුව සහ එච්.ඩී.එෆ්.සී බැංකුව මෙලෙස නිරීක්ෂණයන්ට යටත්ය. මෙම ශ්‍රේණිගත නිරීක්ෂණය ඍණාත්මක ශ්‍රේණිගත කිරීමක් එසේත් නැතිනම් ඍණාත්මක නිරීක්ෂණයක් යැයි ද පැවසේ.

බැංකු පද්ධතියේ විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති අතර අදාළ බැංකු 13 සඳහා මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අයත් වේ. කෙසේවෙතත් මෙහි සඳහන් නොවන මෙරට මූල්‍ය ආයතනවල ජාතික ශ්‍රේණිගත කිරීම් “ෆිච් රේටින්ග්ස්” විසින් වෙන වෙනම සමාලෝචනය කරනු ඇත.

මේ අතර මීට පෙර ද “ෆිච් රේටින්ග්ස්” යටතේ මෙරට ණය ගෙවීමේ හැකියාව පහත මට්ටමක පවතින බව ප්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here