ලංකාවේ සල්ලි අච්චු ගහන්න පුළුවන් බියගම විතරයි.අපි දැන් බියගමෙන් අහනවා උගන්ඩාවෙන් ඇනවුමක් ආවද? (VIDEO)

0
2531

ශ්‍රී ලංකාව තුළ මුදල් මුද්‍රණය කළ හැක්කේ බියගම කර්මාන්ත ශාලාවේ පමණක් වන හෙයින් උගන්ඩාවේ මුදල් මුද්‍රණය කිරීම සඳහා බියගමට එවැනි ඇනවුමක් ලැබුණේද යන්න විමසා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඒ, අද (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට දිවා රෑ නොබලා මෙරට මුදල් මුද්‍රණය කරන තත්ත්වයක ගුවන් යානා තුනක් පිරවීමට තරම් උගන්ඩාවේ මුදල් මුද්‍රණය කිරීමට ඇති හැකියාව කුමක්ද යන්නයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ.

මේ වන විට ක්‍රමයෙන් බළලා මල්ලෙන් එළියට එමින් තිබෙන අතර රාජපක්ෂවරු තරම් රටේ ධනය මෙලෙස කාබාසිනියා කළ කිසිම නායකයෙක් මේ රටේ නොසිටි බවද හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here