සමාරම්භක දිනයේම සවුදි අරාබි පිටියට ශ්‍රී ලංකා යෞවනයෝ නවයක්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 15 කොළඹ LNW :

සවුදි අරාබියාවේ දම්මාම් නගරයේ දී අද ඇරඹෙන හයවන ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහ නව දෙනෙකු අතරින් නව දෙනෙකුම අද තරග බිමට පිවසිමට නියමිතව තිබෙනවා.අද (අප්‍රේල් 15) සිට 18 වන දා දක්වා පැවත්වෙන මේ තරගාවලියේ දී අද තරග වඳින ක්‍රීඩකයින් ඔවුන්ගේ ඉසව් සහ පැවත්වෙන වේලාවන් පහත දැක්වෙනවා.
ශානුක කොස්තා -මීටර් 400 දෙවන මූලික තරගය පෙ.ව. 9.00
මධුවන්ත බොගොඩ – මීටර් 400 සිව්වන මූලික තරගය පෙ.ව.9.00
චතුෂ්ක ඉමේෂ් සිල්වා – මීටර් 100 පළමුවැනි මූලික තරගය – ප.ව.5.00
පසිඳු සඳරුවන් සිල්වා- මීටර් 100 දෙවන මූලික තරගය – ප.ව.5.00
ධනංජනා ප්‍රනාන්දු – මීටර් 100 දෙවන මූලික තරගය – ප.ව.5.35
හංසන ජයසිංහ – තුන් පිම්ම අවසාන තරගය – ප.ව.6.10
ජනිත් ලක්ෂාන් ජෙන්කින්ස් – තුන්පිම්ම අවසාන තරගය – ප.ව.6.10
නිඳුකි ප්‍රාර්ථනා – මීටර් 1500 අවසාන තරගය -ප.ව.6.45
අයේෂා සෙව්වන්දි – මීටර් 1500 අවසාන තරගය – ප.ව.6.45
ශ්‍රී ලංකාව නියෝජනය කරන මීටර් 400 ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත අවසාන පූර්ව තරගයට පිවිසීමට භාග්‍යය ලැබුවහොත් ඔවුන් අද ප.ව.5.55 ට පැවත්වීමට නියමිත මීටර් 400 අවසාන පූර්ව තරගයට ද සහභාගි වනු ඇත.
එසේම අද දිනයේ තරග හමාර කරමින් ජය සංඛේත ප්‍රදානයන්ද සිඳුවීමට නියමිත අතර එහිදී පිරිමි තුන් පිම්ම සහ කාන්තා මීටර් 1500 ඉසව් සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රාහී පූවරු මත දැකීම අපේ අපේක්ෂාව වන අතර දම්මාම් පිටිය තුළ සිහ ධජය එසැවෙනු දැකීම පමණක් නොව ශ්‍රී ලංකාවේ ජාතික ගීතය දෙසවන වැකෙන මොහොතවල්ද උදා වේවා යන්න අපේ පැතුමය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...