සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 16, කොළඹ (LNW): 2024 වසරේ ගත වූ මාස කිහිපය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව සඳහන් වේ.
එම මාස කිහිපය තුළ බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 7,547ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව පැවසේ.
ඒ හේතුවෙන් ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.