Home පුවත් ක්‍රී​ඩා ලෝකෙන් දඩ කෑවත් රටේ පෙම පාන මිනිස්සු

ලෝකෙන් දඩ කෑවත් රටේ පෙම පාන මිනිස්සු

සටහන – නිෂ්මං රණසිංහ

අප්‍රේල් 16, LNW (කොළඹ): ඔලිම්පික් නිලවරණයට විරෝධතා ඉදිරිපත් වීමට නියමිත අන්තිම දවස අදය.මේ සියල්ලන්ම ලංකාවේ ක්‍රීඩාවක් හරහා ක්‍රීඩාව නඟා සිටුවන්න උත්සාහ කරන අදහස පෙරට තබා පෙරට එන්නෝය.එහෙත් කිසිවක් ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ ජාත්‍යන්තරයෙන් ගසන ලද විශාලම දඩ මුදල සම්බන්ධයෙන් සම්බන්ධ පුද්ගලයාට විරුද්ධව විරෝධයක් ඉදිරිපත් කරන්නේ නැති බව බොහෝ තැන්වලින් එන ආරංචිවලින් කියැවෙන්නේය.සමහර විට ජාතික ඔලිම්පික් කමිටුවට සම්බන්ධ ඉහළ චරිත පවා ඉවත් කිරීමට විරෝධතා එන්නට ඉඩ ඇත.ක්‍රීඩාවේ දෙබිඩි බව ඉක්මවා හැසිරිය හැකි චරිත ඇති බව අපි දනිමු.එහෙත් සමහර විට අපේක්ෂකයන්ට ඒ බව දැනෙන්නේ නැත.

ආචාර ධාර්මික කරුණු ආදිය යොදා ගෙන විනය කරුණු පාදා ගෙන තහනම් කරන්නට කරුණු ඉදිරිපත් කරන මිනිස්සු නිලවරණයෙන් ඉවත් කර බොහෝ විට නීතිමය වශයෙන් කිසිඳු අතුරු අන්තරාවක් නොවී මේ නිලවරණයට ඉදිරිපත්ව සිටින බරපතලම චෝදනා ඇති මිනිසා නිතරගයෙන් සභාපති විය හැකිය.
අනුරමය සූත්‍රයට අනුව ඒ්ක වෙලා තියෙන්නෙ අපේ කාලෙ නෙමෙයි වැනි කතාවක් කියන්නට ක්‍රීඩා ඇමතිතුමාට හැකියාව තිබෙන්නේය.දැනට වචනවලින් නොකීව ද අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පවා එයා මරු කියන තැනට පැමිණ ඇත.
ඊට හේතුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රීඩා දැණුම ගැන අමුතු කතා අවශ්‍යය නැත.ඒ්වා දැනුවත් කරන්නට තෝරාගෙන සිටින ක්‍රීඩා සභාවේ ලොක්කා ද මේ දැවන්ත වංචාවට අදාළ පරිපාලනයේ ඉහළම තනතුරක් දරා ඇත.විශේෂයෙන් දඩ මුදල වන්නේ පවුම් 50000 කි.කාරණය ෆීජි ජාතිකයන් ශ්‍රී ලංකාවට පිළිගත හැකි පුරවැසිභාවය නොමැතිව ක්‍රීඩා කරවීමය.

මේ දඩ මුදල සහ අය කර ගන්නට ජාත්‍යන්තර රගර් පරිපාලනය තීරණය කරන්නේ කරුණු පැහැදිළි කර ගැනීමෙන් පසුවය.දැන් පුරවැසියන් නොවන පිරිසක් පුරවැසියන් සේ පෙන්නා සිටීම සඳහා කර ඇති වැරදිම දේ ඒ් වෙනුවෙන් වැරදි දත්ත සහිතව රටේ නියෝජනය පිණිස රටේ නොවන පිරිසක් බදිරිපත් කිරීමට හැකිවෙන පරිදි ලිය කියවිලි සකස් කිරීමය.එය අපරාධ නඩුවකට කරුණු ඇති වරදක්ය.ආගමන විගමන නීති කැඩූ විටද ප්‍රතිපලය දරුණුය.ලංකාවේ එහෙත් එසේ නොවේය.එය රටේ ක්‍රීඩා විශාල ප්‍රමාණයක් අයත් ජාතික ඔලිම්පික් කමිටුවට යා හැකි මට්ටමට පිළිගැනීමක්ය.

වරදට දඩුවම් ලැබී ඇත.එතල එහි ප්‍රධානිය බව සහතිකය.එහි එක වරදක් වැරදි ලේඛණ සකස් කිරීමය.ඒ මොහොතේ කිසිවක් නොවුණු තැන දැන් එම ක්‍රීඩාවෙන් නොහැකිව වෙනත් ක්‍රීඩාවකට සම්බන්ධ විය.එහිදී ද ලිපි ලේඛණ සැකසීම ගැන චෝදනාවක් නැතත් විද්‍යුත් ලිපි මකා දැමීම ගැන චෝදනාවක් එල්ල වී ඇත.වසරක් පුරාම කිසිඳු තරගාවලියක් සංවිධානය වී නැත.එහෙම වුණාම ලංකාවේ සිඳුවන්නේ රටේ ක්‍රීඩා වැඩි ප්‍රමාණයකට ඒ ඉරණම අත් කර දීමට සමත් පරිදි ජාතික ඔලිම්පික් කමිටුවේ මුල් පුටුවට ඒමට විරෝධියක් නොපෙන්වා ආශිර්වාද කිරීමය.
ඒ සඳහා අමාත්‍යවරයාගේ ගරු උපදේශකතුමා ද හරි ගාණට අමාත්‍යවරයා මෙහෙය වූ බව තවමත් ඔහු නොදන්නේය.තිබුණු ව්‍යවස්ථාව අනුව ප්‍රතික්ෂේප වී තිබුණු පුද්ගලයාට නැවත ආශිර්වාද කරන පාලනයක් ඇති කරන්නට ව්‍යවස්ථාව පවා වෙනස් කරන්නට ආශිර්වාද කළේය.ඒ නිසාම නිලවරණයට නාම යෝජනා දෙද්දී පවුම් 50000 ක් රටට දඩ ගසන තත්ත්වයට රගර් ක්‍රීඩාව පත් කරන විට නායකත්වය ගත් පුද්ගලයාගේ නම ස්ථීර කරන්නට ශ්‍රී ලංකා රගර් ඉදිරිපත් වී ඇත.
රටේ නීතිය රකින ආයතනද පුද්ගලයන් තෝරා දඬුවම් කිරීම කරගෙන යන බව පැහැදිළිය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ සමයේ සිටම පවුම් 50000 ක් දඩ ගසන්නට හේතු වූ විජාතිකයන් ක්‍රීඩා කරවීමේ වරදට අදාළව පරීක්ෂණ වසා ඇත.ගල් අඟුරු විතරක් නොව ක්‍රීඩාව ද දවා අඟුරු කර දැමිය හැකි අය නොසළකා හැරීම වරදක් බව තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත.

ජනාධිපතිවරයා ද එක පයින් ආශිර්වාද කර ක්‍රීඩාවට උපදෙස් දෙන්නට ක්‍රීඩා ඇමතිට මඟ පෙන්වන්නට පත් කළ පුද්ගලයින් වැඩේ කරගෙන යන හැටි නියමය.ඒ චක්‍රය ඇතුළේ හානියක් නැතුව ආරක්ෂා විය යුතු පුද්ගලයින් තිතට රැකෙන්නේය.මේ තරම් දැවන්ත වැරදි කර ඇති බවට ජාත්‍යන්තරය තීරණය කළ පසුවත් වරද වූ රටින් එය නොසළකා හැරීම නිසා කිසිඳු අවුලක් නොමැතිව මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමෙන් වගකීම් දරන්නට හැකි තැනට පත්ව සිටින මෙවැනි පුද්ගලයන් ආණ්ඩුවේ අයව අන්දවා තමන්ට අවශ්‍යය පරිදි පිටිය සකසා ගනිමින් ඇත.
ජාතික ඔලිම්පික් කමිටුවද ආචාර ධාර්මික කමිටු දමමින් පිරිස් නිලවරණයෙන් ඉවත් කරන්නට හේතු සොයමින් සිටියත්,රටේ අපරාධ නීතිය මෙන්ම ආගමන විගමන නීතියෙන් ද දඩුවම් කළ හැකි සහ රටට අපකීර්තිය එකතුවෙන අවකල් ක්‍රීයාවන් හී නිරත බවට ඔප්පු වූ පිරිස් සම්බන්ධයෙන් නීතියේ නිහඬතාවයේ ආරක්ෂාව ලබා දී ඔලිම්පික් තනතුර දක්වා එන්න පහන අල්ලා සිටීමනම් පිළිගැනීමට නොහැකිය.හරිනම් මේ වැරදි ගැන අඩුම තරමේ නිහඩතාවය සොයා බලන්නට,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හරහා පවුම් 50000 දඩය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් ක්‍රීඩා කරවීම සඳහා ලේඛණවලට මුල් වී ඇත්තේ කවුරුන්ද යන්න විමසා බැලිය යුතුය.

දැන් අපිට පෙනෙන්නට ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව එක එක නොකා ඔක්කොම කාපං කියා ගොඩක් භාර දෙන්නට වැඩ කරමින් සිටින බවකි.වරදක් සිඳු වූ විට අනේ අපොයි කියා තැවෙනවාට වඩා වරදක් සිඳුවෙන්න යන බව පෙන්වා දීම යුතුකමය.ක්‍රීඩා ඇමතිතුමා ඇතුළු අමාත්‍යංශය ද,ජාතික ඔලිම්පික් කමිටුව ද මේ ප්‍රශ්නය දිහා අහක බලාගෙන නොදුටු නියා නොදන්නා නියා කතා කරන්නේ අද ඊයේ නොවේය.හෙට ලෝකය අපි දිහා නොබලා කතා කරන තත්ත්වයක් එ්මට හැකි බවත්,එවිට දැන දැන වරඳට අනුබල දුන් සියල්ල වගකීම ගත යුතු බවත් පමණක් අපි අවසාන වශයෙන් ලියා තබන්නෙමු.