තරුණයෙකුගේ වෘෂණ කෝෂ තැළූ පොලිස් නිලධාරීන් යළි රිමාන්ඩ්. පොලිස්පතිටත් උසාවියෙන් නියෝගයක් !

Date:

මැදවච්චිය ප්‍රදේශයේ තරුණයකුට අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය 07 වෙනිදා මැදවච්චිය පොලිස්බල ප්‍රදේශයේදී මැදවච්චිය පොලීසියේ රථවාන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු තරුණයකුට අමානුෂික ලෙස පහරදී තිබුණු අතර එයින් බරපතළ තුවාල ලැබූ තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක් මගින් එක් වෘෂණ කෝෂයක් ඉවත් කර තිබිණි.

ඒ සම්බන්ධ නඩුව ඊයේ (16) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ නඩුව ලබන 24 වනදා යළි කැඳවීමටත් එදින දක්වා පොලිස් නිලධාරීන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ය.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ සියලුම පරීක්ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝගයක් ද නිකුත් කළාය.

මෙම නඩුවේ ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පෙනී සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...