මහෞෂධ ශාකය හෙවත් මුරුංගා පැළ රෝපණය කරමින් පැළ සිටුවීමේ නැකත සමරයි!

Date:

කොළඹ LNW:අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධීය ආහාරයක් ලෙස මුළු ලොවම සලකන Miracle tree හෙවත් මහෞෂධ ශාකය ලෙස ලොවම හඳුන්වන මුරුංගා පත්‍ර ප්‍රමුඛ එහි ශාක කොටස් ආහාරයට ගැනීම පිළිබඳ ජනතාවගේ අවධානය දැඩිව යොමු කිරීමේ අරමුණින් මුරුංගා ශාක සෑම නිවසකම රෝපණය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ඇරඹීමටදේශීය ⁣වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙට (18) 10.16 යෙදෙන එළඹෙන සිංහල දෙමල අලුත් අවුරුදු පැල සිටුවීමේ නැකතට කොළඹ හුණුපිටිය ගංගාරාමයේ පැල සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකත් දිනය මෙරට මුරුංගා ජාතික දිනය ලෙස නම් කරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

ඒ අනුව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,ආයුර්වේද දෙපාර්තමේන්තුව,ආයුර්වේද සංරක්ෂණ මණ්ඩලය සහ Moringa for life ජාත්‍යන්තර සංවිධානය ඒකාබද්ධව අලුත් අවුරුදු පැල සිටුවීමේ නැකතට මුරුංගා පැළයක් නිවෙස්වල සිටුවීමට ජනතාව දිරිගන්වමින් මුරුංගා පැළ සිටුවීමේ ජාතික වැඩ සටහන නැකතට ආරම්භ කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා තවදුරටත් කියාසිටියි.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, මුරුංගා ශාකය පිළිබඳ ඇමරිකාවේ කැලිෆෝනියාවේ හි දී
පර්යේෂණ කර මුළු ලෝකයම එම මහෞෂධ ඖෂධය පිළිබඳ දැනුවත් කළ Moringa for life සංවිධානයේ නිර්මාතෘ “ජපානයේ අම්මා” හෙවත් මොරිකෝ ගිල්ෆොඩ්” (Moriko Gilffod) මහත්මිය, තිරිකුණාමලයේ මුරුංගා පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන දමයන්ති ජෝන් ලී (DamayanthiJoan Lee) මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...