(VIDEO):රටේ අර්බුද විසඳිය හැකි නායකයා පාඨලී!

Date:

කොළඹ LNW:රටේ අර්බුද විසඳිය හැකි විශිෂ්ට නායකත්වය සැපයිය හැක්කේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාට බව එම පක්ෂයේ තරුණ අංශයේ නැගෙනහිර පළාත් සම්බන්ධීකාරක මර්සුක් මොහොමඩ් අවධාරණය කරයි.

ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව බංකොලොත් වී තිබෙන අතර එහි අහිතකර ප්‍රතිඵල තරුණ ප්‍රජාවට දැඩිව බලපාඇති බවයි ඔහු පවසන්නේ.

ඒ නිසා තරුණ තරුණියන් විශාල පිරිසක් විදේශගතවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇතැයි බවත් එවැනි තත්ත්වයකදී රටේ ආර්ථිකය ශක්තිමත් කර, තරුණ ප්‍රජාවගේ අපේක්ෂා ඉටු කළ හැකි නායකත්වය එක්සත් ජනරජ පෙරමුණ තුළ ඇති බවයි පෙන්වා දෙන්නේ.

නිවැරදි නායකත්වයක් යටතේ රට නිවැරදි මාර්ගයට අවතීර්ණ කරවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් එක්සත් ජනරජ පෙරමුණ සතු බව පවසන ඔහු තවදුරටත් සඳහන් කරන්නේ තරුණ තරුණියන් සීමා මායිම් ඉක්මවා එක්සත් ජනරජ පෙරමුණ සමග එක් විය යුතු බවයි.

ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවට ආහාර පාන ආදිය සීමා වී තිබෙන අතර එවැනි තත්ත්වයකදී එහි අහිතකර ප්‍රතිඵල තරුණ තරුණියන්ටද විඳීමට සිදුව ඇතැයි ද ඔහු කියාසිටියි.

”දේශපාලනයේදී මෙතෙක් ජනතාව ලෙස ගත් තේ වැරදි තීන්දු රට බංකොලොත් වීමට එක් සාධකයක්. එම තත්ත්වය වෙනස් කරමින්, නව නායකත්වයක් යටතේ රට ගොඩනැගීමට සුදුසුතම අවස්ථාව එළඹ තිබෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...