සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය ගැන සීතා අරඹෙපොලගෙන් සහතිකයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 17, කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය ඉහළ මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය පවසයි.

එම මහත්මිය සදහන් කරන්නේ , මහජන නියෝජිතයන් ඇතුළු විද්වතුන්ට සමස්ත ලෝකය ඉදිරියේ කරුණු දැක්වීමට හැකියාව ලැබී ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කැපවීම නිසා බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණු අතර , සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා කාර්ය මණ්ඩල සවිබල ගැන්වීම / සේවාවන් ඇගයීම හා කාර්ය මණ්ඩල පිලිගැනීම මෙහිදී සිදු කෙරුණු බව සඳහන් වේ.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය හා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක ඊට එක්ව සිටි බව පැවසේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...