*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

පාස්කු ප්‍රහාරය පාලකයන්ට විහිළුවක් වෙලා – NPP සුනිල් වටගල

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 17, කොළඹ (LNW): අද පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී , ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල පැවසුවේ ,පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාලකයන් අදටත් උසුළු විසුළු කරන ස්වභාවයක් දකින බවයි .

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ,

ලබන 21වැනි දිනට ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය එල්ල කර වසර 05ක් සම්පූර්ණ වෙනවා. මෙම කාලය තුළ අපි ඉතාමත් සැලකිල්ලෙන් මෙම ප්‍රහාරය පිළිබඳව අවධානය යොමු කරමින් සිටියා. ගෙවී ගිය වසර 05 පුරාම පැවැති ආණ්ඩුව හෝ පවතින ආණ්ඩුව විසින් වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කළේ නැහැ. මේ වන විට ජීවිත 273ක් අහිමි වී 500කට අධික පිරිසක් පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්වයට පත්වී සිටිනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පාලකයන් අදටත් උසුළු විසුළු කරන ස්වභාවයක් අපි දකිනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම ප්‍රහාරයට අදාළ වගකිවයුත්තන් තමන් දන්නා බව ප්‍රකාශ කළා. මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එය හෙළිකරන බවත් කීවා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව ඔහුගේ නීතිඥයා අධිකරණයේදී ප්‍රකාශ කළේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශයක් කිරීමේ අවශ්‍යතාවයක් මෛත්‍රීපාල සිරිසේනට නොමැති බවයි.

අදටත් සැහැල්ලුවෙන් ඉතාතමත්ම පටු, පෞද්ගලික වුවමනාවන් අනුව මෙම ප්‍රහාරයට වගකිවයුතු නායකයන් ක්‍රියාකරන බව පැහැදිලියි. මේ තත්වය තුළ ජාතික ජන බලවේගය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න කටයුතු කළා. එහි මූලික කරුණු කිහිපයක් ඇතුළත් කර තිබෙනවා. මෙම ප්‍රහාරයට අදාළව මූලික මිනිස් අයිතිවාසිකම් නඩු විභායකින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස නම්කර වන්දි ගෙවීමට නියම කළ පිරිසට එරෙහිව තවමත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපරාධ නඩුවක් ගොනු කිරීමේ සූදානමක් නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැහැ. මේ තත්වය තුළ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අදාළ චූදියන්ට අපරාධමය නඩු ගොනු කරන බව මේ ලියවිල්ලේ අවධරණය කර තිබෙනවා. ඊට අමතරම මේ වන විට හෙළි වී තිබෙන විශාල සාක්ෂි ප්‍රමාණයට අමතරව තවදුරටත් පරීක්ෂණ සිදු කළ යුතු නම් ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ විශේෂ පරීක්ෂණ කොමිෂමක් පත්කර, එම කොමිසමේ නිර්දේශ පදනම් කරගෙන අපරාධමය චෝදනා නැගිය යුතු තවත් පිරිසක් සිටිනවා නම්, ඔවුන් සම්බන්ධයෙන්ද ක්‍රියාකරන බව මේ ලියවිල්ලෙන් සහතික කර තිබෙනවා” ලෙස කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan