විරෙන් ඔලිමිපික් සුදුසුකම් ලබයි..දැන් අවශ්‍යය IOC අනුමැතිය පමණයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 17, කොළඹ (LNW): විරෙන් නෙත්තසිංහ ඔලිම්පික් තරගාවලියක් සඳහා ලෝක මට්ටමෙන් සෘජුව සුදුසුකම් ලබා සහභාගි වීමේ තෙවැන්නා වීමේ භාග්‍යයට ළඟා වනු ඇතැයි සිතිය හැකිය.මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එසේ සුදුසුකම් ලබා ඇත්තේ තිළිණි ජයසිංහ සහ නිලූක කරුණාරත්න වන අතර,ඒ අතරින් නිලූක 2012 දී ලොව අටවන තැන සිටි කෙන්චි ටාගෝ පරාජය කරමින් කැපී පෙණින.


මෙවර තෝරා ගැනීමේ අවසාන දිනය ලෙස නම් කර ඇත්තේ අප්‍රේල් 28 වන අතර තෝරා ගැනීමේ 38 දෙනෙක් ගෙන් දැවට ඉදිරියෙන් සිටින ක්‍රීඩකයින් 35 ක ගේ නාම ලේඛණයක් දක්වා ඇති අතර එය ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලනය සහභාගීත්වය ස්ථීර නොකරන ලේඛණයක් බව පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාකච්ඡාවලදී ප්‍රසාදිත දීමනාවන් ද රටවල් කිහිපයකට පිරිනැමීමට වන නිසාය.එහෙත් 38 අවසාන ඉලක්කමනම් විරේන් සිටින්නේ 32 ට නිසා ඔහුගේ සහභාගීත්වයට ගැටළුවක් ඇති වේ යැයි සිතිය නොහැකිය.


ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 72 සිටින විරේන් 32 දක්වා එන්නේ අංක 1 – 16 දක්වා මුල් ශ්‍රේණිවල ක්‍රීඩකයින් දෙදෙනෙක් රටකින් සිටීනම් දෙදෙනාටම අවස්ථාව දෙන බැවිනි.ඉනික්බිතිව ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණක් බැවින් එක රටක ශ්‍රේණිගත කිරීම්වල විශාල ක්‍රීඩකයින් සිටියත් ඔවුන් සිටින ස්ථාන අනුව රටකට ලැබෙන එක් අවස්ථාවක් හෝ අවස්ථාවන් දෙකක් ඔවුන්ට හිමි වන්නේය.දැනට ඩෙන්මාර්කය,චීනය,ජපානය,ඉන්දුනීසියාව,ඉන්දියාව පමණක් ඒ ආකාරයට මුල් 16 ට හිමිවන වරප්‍රසාදය මත ක්‍රීඩකයින් දෙක බැඟින් ඉදිරිපත් කිරීමේ සුදුස්සෝ වෙති.එසේම මුල් 16 දෙනා අතර ප්‍රංශය සහ ඩෙන්මාර්කය හැරුණු විට සෙසු සියල්ලෝම ආසියාතික ක්‍රීඩකයෝය.


ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ලොව පොහොසත්ම බැඩිමින්ටන් කළාපය වන ආසියාව නිසා ඉදරියට ඒමේ දුෂ්කරතාවය මෙන්ම එය අනිත් අතට පාවිච්චි කළහොත් දියුණු වීමට හොඳම කළාපය ලෙස ද ගත හැකියි.කෙසේ නමුත් මෙවැනි ඉතාමත් තරගකාරී රටාවකින් ක්‍රීඩාව ක්‍රියාත්මක වන සහ දක්ෂයන් වැසි වසින කළාපයක සිට විරේන් මේ ලබා ගත් ජය ශ්‍රී ලංකා බැඩිමින්ටන් ක්‍රීඩාවම ලැබූ ජයක් ලෙස හැඳින්විය හැකිය.


වර්ථමාන ශ්‍රේණිගත කිරීම අප්‍රේල් 16 වන දාට අවසන් වන අතර ඒ නිසා විරේන්ගේ ස්ථානය අහිමිවීමට විශාල දෙයක් ජාත්‍යන්තර මට්ටමෙන් කිරීමට නොහැකි වනු ඇත.ඒ අනුව දැනට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුමැතිය ලැබීමට තිබෙන ලේඛණයේ සිටින ආකාරයට විරේන් නෙත්තසිංහ සුදුසුකම් ලැබුවොත් ඔහු මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩකයා ද වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...