මහින්ද අගමැති ධුරය අත්හැරීමේ සූදානමින් ….

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

රට තුළ උද්ගතව ඇති මහජන විරෝධතා සහ පාර්ලිමේන්තුවේ තත්වයත් සලකා බලා බොහෝවිට තරුණ දේශපාලනඥයෙකුට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙමින් ඒ මහතා තනතුරින් ඉවත්වනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වන්නේ නම් බොහෝදුරට අග්‍රාමාත්‍ය ධුරය ඒ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාට ලබාදෙනු ඇතැයි පැවසෙන අතර රමේෂ් පතිරණ සහ ඩලස් අලහප්පෙරුම යන හිටපු අමාත්‍යවරුන්ගේ නම් ද මේ සඳහා යෝජනා වී ඇති බව සඳහන්.

මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචිමාර්ග පැවසුවේ පවතින තත්වය අනුව අනිවාර්යයෙන්ම අග්‍රාමාත්‍ය ධුරය අත්හැරීමේ බලාපොරොත්තුවකින් ඒ මහතා පසුවන බවකි.

මීට පෙර අප්‍රේල් 03 වනදා ද ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරය අත්හැරීමට එකඟතාව පළකර තිබුණු නමුත් අමාත්‍යවරුන් පිරිසකගේ බලපෑම හමුවේ පසුව එම තීරණය වෙනස් කරගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...