නායක දිමුත් කරුණාරත්න (179) සහ කුසල් මෙණ්ඩිස් (140) අතර දෙවන කඩුල්ලට එකතු කළ ලකුණු 281 ක සබඳතාවය නිසා ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් එකතු කරන්නට සමත් වුණා.
කාසියේ වාසිය දිනූ දිමුත් ඓතිහාසික ටෙස්ට් තරගයේ පන්දුවට පහරදීමේ අවස්ථාව උදා කර ගන්නට තීරණය කරා.ඒ අනුව ඉණිම අරඹමින් දිමුත්ගේ සහයට පැමිණියේ නව බලාපොරොත්තුව වන නිශාන් මධුශ්කයි.මධුශ්ක සහ දිමුත් හොඳ ආරම්භක සබඳතාවයක් කරා යමින් ලකුණු පූවරුව 64 දක්වා ගෙන එමින් සිටියදී මධුශ්ක ලකුණු 29 ට දැවී ගියා.ඉනික්බිති එම සබඳතාවය තව දුරත් තහවුරු කරමින් කුසල් මෙණ්ඩිස් සහ දිමුත් දෙවන කඩුල්ල සඳහා කිසිඳු අපහසුවකින් තොරව ලකුණු එකතු කරමින් සිටියා.
ලකුණු 281 ක සබඳතාවය නිමා කරමින් දැවී ගියේ කුසල් මෙණ්ඩිස්.ඔහු පන්දු 183 න් ලකුණු 140 ක් ලබා ගෙන තිබුණේ හතරේ පහර 18 ක් සහ එක් හයේ පහරක්ද ඊට ඇතුළත් කරමින්.නමුත් තෙවන කඩුල්ල වෙනුවෙන් එවැනි දෙයක් සිඳු වුයේ නැහැ.ඇන්ජලෝ මැතිව්ස් පන්දු තුනකට මුහුණ දී ලකුණු නොලබාම දැවී ගියා.පරිනතබවෙන් යුත් ද්විත්ව ශතකයක් උරුමව තිබූ දිමුත් ගේ ඉණිම අවාසනාවන්ත ලෙස නිමාවට පත් වෙන්නේ පන්දු 235 ට මුහුණ දි හතරේ පහර 15 ක් සමඟ ලකුණු 179 ක් රැස් කර සිටියදී යි.ඒ දක්වා තිබූ ඉවසීම අහෝසි කර ගනිමින් දිමුත් එල්ල කළ ඒ පහරෙන් ශ්‍රී ලංකාවට සිව්වන කඩුල්ල අහිමි වූ විට ශ්‍රී ලංකාව ඉතිරිව තිබූ පන්දු ඕවර් කිහිපයේ කඩුල්ල රැකගෙන සිටීමේ වගකීම ලබා දෙමින් ගොම්මන් පිතිකරු ලෙස ප්‍රභාත් ජයසූරිය කැදවනු ලැබුවා.
ඉණිම නිමා වන විට ජයසූරිය වැඩි අපහසුවකින් තොරව ලකුණු 12 ක් ලබා සිටි අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 18 ක් නොදැවී ලබා සිටියා.අයර්ලන්ත පන්දු යවන්නන් ඊයේ දවස පුරා ගාලු තණනිල්ලෙන් වාසිදායක තත්ත්වයක් උකහා ගන්නට දැඩි ප්‍රයත්නයක් දැරුවද දිමුත් සහ කුසල් ඒ සඳහා අවස්ථාවක් ලබා නොදෙමින් ක්‍රියාත්මක කළ දීර්ඝ ඉණිම් නිසා ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් අත්දැකිම අයර්ලන්තයට සුබ විය නොහැකි තත්ත්වයකට පත්ව සිටිනවා.ඒ ඉණිම් හතරක් කරා තරගය ඉදිරියට ගියත් ගාලු තණතිල්ලේ සෙනෙහස දැඪිව දෙනු ඇතැයි සිතිය හැකි ප්‍රභාත් ජයසූරියගේ දඟ කැවීම හතරවන ඉණිමේදී දෙවන ඉණිමටත් වඩා දරුණු ලෙස අයර්ලන්තයට බලපානු ඇතැයි සිතිය හැකි නිසා.
තරගයේ දෙවන දිනයේ පළමු කාර්තුව තුළ දිනේෂ් චන්දිමාල් සතුව විශාල වගකීමක් පැවරි ඇති අතර ඔහු කඩුල්ල රැක ගැනිම මෙන්ම යම් ප්‍රහාරාත්මක බවක් ද සිය ඉණිමට එකතු කරන්නට සමත් වුවහොත් දෙවන දිනයේ දිවා විවේකය වන විට ශ්‍රි ලංකාවට ලකුණු පන්සියය දක්වා යාම අපහසු විය නොහැකියි.පසුවට ධනංජය ද සිල්වා සහ සධීර සමරවික්‍රම ද පිතිකරු ලැයිස්තුවේ සිටිම නිසා දෙවන දිනය යම් ප්‍රහාරක වේගයක් ද සහිතව ශ්‍රී ලංකාව ලකුණු ලබා ගැනිමට පෙළඹෙන්නේනම් හෙට තේ විවේකය පමණ වන විට ශ්‍රී ලංකාවට දැවන්ත ලකුණු පූවරුවක් සමඟ ඉණිම අත්හිටුවීමේ අවස්ථාව ළඟ කර ගත හැකියි.
නමුත් ක්‍රිකට් අවින්ශ්චිත විෂයක් වන අතර දෙවන දිනයේ ගෞරවය අයර්ලන්ත පන්දු යවන්නන්ට හිමි වීමටත් ඉඩ තිබෙනවා.කෙසේ නමුත් දිමුත් සහ කුසල් ගේ ඉණිම් සමඟ ශ්‍රී ලංකාව ප්‍රථම දිනයේ ගෞරවය අත් පත් කර ගැනිමට සමත් වූවා.පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවයි.
https://www.espncricinfo.com/series/ireland-in-sri-lanka-2023-1363445/sri-lanka-vs-ireland-1st-test-1363447/full-scorecard
සටහන – නිශ්මන් රණසිංහ
