ශ්‍රී ලංකාවේ නව ත්‍රස්ත පනතට එරෙහි වන්න – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇමරිකාවෙන් ඉල්ලයි

Date:

කොළඹ LNW:නව ප්‍රතිත්‍රස්ත පනතට මැදිහත් වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය අමෙරිකානු ජනපති ඇතුළු පරිපාලනයෙන් ඉල්ලා තිබේ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආසියා උපදේශන අධ්‍යක්ෂ කැරොලින් නාෂ් සඳහන් කරන්නේ ත්‍රස්ත විරෝධී පනතේ කෙටුම්පත සෑම මානව හිමිකම් මිණුම් ලකුණකින්ම නිශ්චිතවම අසාර්ථක වන” බවයි.

“බියිඩන් පරිපාලනය ශ්‍රී ලාංකීය ජනතාවගේ අයිතිවාසිකම් අගය කරන්නේ නම්, මෙම නීතිය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළ යුතු හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැහැදිලි පණිවිඩයක් යැවිය යුතු” බවයි ඇය අවධාරණය කර ඇත්තේ.

මෙම කෙටුම්පත නීතියක් ලෙස සම්මත කරන විට ඇමරිකානු පරිපාලනය සහ කොන්ග්‍රසය නිශ්ශබ්ද වන්නේ නම්, එය විරුද්ධ මත මර්දනය කිරීමට ඇති හැකියාව තවදුරටත් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා රජයට ඉඩදීමක් බවද කැරොලින් නාෂ් මහත්මිය කියාසිටියි.

ඇය සිය නිවේදනයෙන් පෙන්වාදෙන්නේ මෙරට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත මඟින් මානව හිමිකම් ආරක්ෂා කෙරෙන නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ පෙනී සිටි ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට අපහාසයක් සිදුවන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...