ශ්‍රී ලංකාවේ නව ත්‍රස්ත පනතට එරෙහි වන්න – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇමරිකාවෙන් ඉල්ලයි

Date:

කොළඹ LNW:නව ප්‍රතිත්‍රස්ත පනතට මැදිහත් වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය අමෙරිකානු ජනපති ඇතුළු පරිපාලනයෙන් ඉල්ලා තිබේ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආසියා උපදේශන අධ්‍යක්ෂ කැරොලින් නාෂ් සඳහන් කරන්නේ ත්‍රස්ත විරෝධී පනතේ කෙටුම්පත සෑම මානව හිමිකම් මිණුම් ලකුණකින්ම නිශ්චිතවම අසාර්ථක වන” බවයි.

“බියිඩන් පරිපාලනය ශ්‍රී ලාංකීය ජනතාවගේ අයිතිවාසිකම් අගය කරන්නේ නම්, මෙම නීතිය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළ යුතු හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැහැදිලි පණිවිඩයක් යැවිය යුතු” බවයි ඇය අවධාරණය කර ඇත්තේ.

මෙම කෙටුම්පත නීතියක් ලෙස සම්මත කරන විට ඇමරිකානු පරිපාලනය සහ කොන්ග්‍රසය නිශ්ශබ්ද වන්නේ නම්, එය විරුද්ධ මත මර්දනය කිරීමට ඇති හැකියාව තවදුරටත් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා රජයට ඉඩදීමක් බවද කැරොලින් නාෂ් මහත්මිය කියාසිටියි.

ඇය සිය නිවේදනයෙන් පෙන්වාදෙන්නේ මෙරට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත මඟින් මානව හිමිකම් ආරක්ෂා කෙරෙන නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ පෙනී සිටි ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට අපහාසයක් සිදුවන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...