අව්වේ යන්නේ බලාගෙනයි – කාළගුණෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

Date:

කොළඹ LNW:පවතින අධික උණුසුම් කාළගුණ තත්ත්වය හමුවේ අවධානයෙන් කටයුතු කරන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන ඉල්ලා සිටියි.

අද (17) දිනයේදීත් නැගෙනහිර, උතුරු මැද,වයඹ යන පළාත්වල මෙන්ම මොණරාගල,හම්බන්තොට,මන්නාරම, මුලතිව්,කොලිනොච්චි සහ වව්නියා යන දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකයට අවධානය යොමුකළ යුතු වෙන බවයි කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පවසන්නේ.

විශේෂයෙන් එම ප්‍රදේශ වල එළිමහනේ අධික වෙහෙසකර කටයුතු සීමා කිරීම සුදුසු වන අතර ප්‍රමාණවත් ලෙස ජලය භාවිතා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස මිල්ලන්ගොඩ මහතා සඳහන් කරයි.

හිරු මුදුන් වීම, අන්තර් මෝසම් කාලය තුළ ප්‍රමාණවත් තරම් සුළං ප්‍රවාහයක් නොමැති වීම,ජල වාෂ්ප බහුල වීම යන සාධක තුනේ සංකලනයක් නිසා මෙම අධික උණුසුම් කාළගුණ තත්ත්වය මතුව තිබෙන අතර මේ වන විට සූර්යා ඉවතට ගමන් කරමින් තිබීමත් සුළං ප්‍රවාහය වර්ධන වීමත් සමඟ ඉදිරි දින කිහිපයෙන් පසු තත්ත්වය සාමාන්‍ය වනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවිධිමත් රැකියාවල නියැලෙන්නන් වෙනුවෙනුත් විශ්‍රාම වැටුපක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජන­ග­හ­න­යෙන් තුනන් දෙකක් වන අවි­ධි­මත් රැකි­යා­වන්හි නියැ­ළෙ­න්නන්...

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...