ජනාධිපතිතුමනි,අපි ඔයාව මේ රටින් යවනවා හැබැයි හිරෙත් තියල – අරගලයේ නීතිඥයෝ (VIDEO)

0
1209

තරුණයින් කළ අරගලය තරුණයින් විසින්ම ජයග්‍රහණයකින් අවසන් කළ යුතු ඊට නීතිඥ සහය දීමට නීතිඥවරු ලෙස සූදානම් බවත් ඉතිහාසය තුළ දේශපාලන පක්ෂ වලින් ආරම්භ කළ විරෝධතාවන්ට නොලැබුණු ප්‍රසාදයක් මේ අවස්ථාවේ හිමිවී තිබෙන බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවසුවේය.

ඒ, ඊයේ (17) ”අරගලයේ නීතිඥයෝ” විසින් පැවති මාධ්‍ය හමුවේදීය.

ලැබී තිබෙන ජනතා ප්‍රසාදය උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ක්‍රම වෙනසක් සිදුකළ යුතු බවයි නානායක්කාර මහතා අවධාරණය කළේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් පුද්ගලයෙක් බවත් ජනධිපති ලේකම් කාර්යාලයෙන් එළියට දැමුවා සේ රටින්ද පිටත් කරන නමුත් ඊට පෙර සොරාගත් සියලු මුදල් ලබා ගැනීමට මෙන්ම සිරගත කිරීමට සිදුවුවහොත් එම කාලයද ලංකාව තුළ රඳවා ගැනීමෙන් අනතුරුව රටින් පිටත් කරවන බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

”දේශපාලන පක්ෂවලට අපි කියන්නේ ඔබ තේරුම් ගන්න මේ අරගලය තුළ ලැබෙන දායකත්වය ප්‍රයෝජනයට අරගෙන මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් වෙන්න අවශ්‍යයි. ඒ සිස්ටම් චේන්ජ් එකට මුලපුරන්න ඕනේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය කාර්යභාරය කරන්න ඕනේ දේශපාලන පක්ෂ. ඒ පක්ෂ තමන්ගේ වගකීම මේ අවස්ථාවේ නිසියාකාරයෙන් තේරුම් අරගෙන දේශපාලන ඩීල්,ගේම් එහෙම නැත්නම් යටින් යන දේශපාලන න්‍යාය පත්‍රයන් හදාගන්න උත්සහ කරන්නේ නැතුව රට ඉල්ලන කාර්යභාරය වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුළ කැපවෙලා මේ රටට සුගතියක් වෙන අකාරයෙන් කටයුතු කරයි කියල අපි විශ්වාස කරනවා” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here