හිටපු මහ බැංකු අධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ වෙයි!

Date:

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම එළඹෙන මැයි මස 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කර තිබේ.

ඒ, අනුව මැයි මස 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සටින ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයාට අද (18) සිතාසි නිකුත් කර ඇත.

පසුගිය 07 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කබ්රාල් මහතාට සිතාසි නිකුත්කර තිබුණද ඔහු අධිකරණය හමුවේ අද පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කබ්රාල් මහතාට එරෙහිව පවතින පුද්ගලික පැමිණිල්ල ගැන විරෝධතා ඉදිරිපත් කරන බවට කරුණු දක්වා තිබුණි.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් චෝදනා 06ක් මත හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොණු කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...