බැසිල්ගේ සහ ආටිගලගේ විදෙස් ගමන් තහනම් කිරීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කරන ලද ඉල්ලීමක් අද (18) අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

පසුගිය රජයේ පළාත් ආණ්ඩුකාරවරයෙකු වූ කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඔහු වෙනුවෙන් අධිකරණයෙහි පෙනී සිටියේ ද එම රජයේ තවත් පළාත් ආණ්ඩුකාරවරයෙකු වූ මෛත්‍රී ගුණරත්න මහතාය.

අද දිනයේ ක්‍රියාත්මක වන්නේ නිවාඩු අධිකරණය (vacation court) වන අතර එහිදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පහෙන් ක්‍රියාත්මක වන්නේ එකක් පමණි. එහි විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...