විසඳුම කා ළඟද?

Date:

පවතින අර්බුදය තවදුරටත් උත්සන්න වන ලකුණු මිස ඊට විසඳුම් ලැබෙන ආකාරයක් දැකගන්නට නැත. විරෝධතා ප්‍රචණ්ඩත්වය කරා යොමු වී ඇත. විරෝධතා සමඟ ගින්දරත් ගමන් කරනු දැක ගත හැකිය.

මේ අතර, ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා තවත් පිරිසක් පාරට බසින්නට සූදානමින් සිටිති. එය කුරුණෑගලදී දැක ගත හැකි විය. රට ඉබාගාතේ යන බවක් පෙනෙන්න ඇති අතර, මෙහි ප්‍රතිඵලය අතිශය භයානක විය හැකිය. අදහස් ප්‍රකාශනයට හා විරෝධතා දැක්වීමට ඉඩ තිබිය යුතු වුව ගිනි තැබීමට, පහර දීමට, මිනීමැරීමට ඉඩ තැබිය යුතු නැත.

රටේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ පවත්වන විවාදය නිෂ්ප්‍රයෝජන එකක් බව ද කාලය නාස්ති කිරීමක් බව ද හොඳටම පැහැදිලිය. පක්ෂ නායකයන් පවා පිස්සු කෙළින බවක් දැක ගත හැකිය. එකිනෙකා තම ප්‍රතිමල්ලවයන්ට මඩ ප්‍රහාර එල්ල කරමින් ද බරපතළ විග්‍රහ ඉදිරිපත් කරමින් ද කාලය විනාශ කරති. ඒ අතර, සභා ගර්භය මැද විරෝධතා පවත්වති. එළියේ සිටින විරෝධතාකරුවන් හා ඇතුළේ සිටින මහජන නියෝජිතයන් අතර වෙනසක් නැත. මහජන නියෝජිතයන් ද අර්බුදයට ගිනි තබමින් ඉන් ආස්වාදයක් ලබන බව පෙනෙයි. එය අතිශය කනගාටුවට කාරණයකි.

පාර්ලිමේන්තු විවාදය පවතින අතර කථානායකවරයා ප්‍රකාශ කළ අතිශය වැදගත් කාරණයක් තිබේ. රටේ බුද්ධිමතුන් ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. කථානායකවරයා පෙන්වා දුන්නේ පවතින තත්ත්වයට වහා විසඳුම් සපයා ගැනීමට අසමත් වුව හොත් ශ්‍රී ලංකාවෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී යා හැකි බවය. 1931 සිට මහජනයාගේ අභිමතයට මුල්තැන දෙන විධිමත් පාලන රටාවක් අපට තිබිණි. එය විනාශ වීම යනු ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව, ශිෂ්ටත්වයත් අහෝසි වීමකි. දේශපාලන නායකයන් ඒ ගැන වගේ වගක් නැතිව ක්‍රියා කිරීම එක අතකින් පුදුමසහගතය; තව අතකින් බියකරුය.

  • ඇත්ත facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...