මලක් නම් එය මලක් වුව මැන සිනිඳු සුකොමළ රුවෙන් සරසන – ගී මිණි ආර යූටියුබයට

Date:

ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලා විචාරයේ අති දැවැන්තයකු වූ දිවංගත මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා බීබීසී සංදේශය සමග එක්ව ඉදිරිපත් කළ “ගී මිණි ආර” ගීත රසවින්දන වැඩසටහන කොටස් වශයෙන් යූටියුබ් අවකාංශයට එක් කරමින් තිබේ.

පෙර – අපර දෙදිග භාෂා පඬිවරයකු මෙන්ම බුදු දහම, මාක්ස්වාදය වැනි එකිනෙකට වෙනස් දාර්ශනික ප්‍රවේශයන් රැසක් පිළිබඳ හසළ දැනුමකින් හෙබි විද්වතෙකු වූ සුචරිත ගම්ලතුන් දශක එකහමාරකට වැඩි කලක් තිස්සේ බීබීසී සංදේශය සමග ගී මිණි ආර තුළින් ශ්‍රාවකයින්ට සුභාවිත ගීතයේ රසය පහදා දී තිබිණි.

ගී මිණි ආර වැඩසටහන නිෂ්පාදනය කළේ චන්දන කීර්ති බණ්ඩාර විසින් වන අතර සංගීතවේදී ජයන්ත අරවින්ද සහ බීබීසී සංදේශයේ හිටපු සංස්කාරක ප්‍රියත් ලියනගේ සහෘදයා ද මෙහිදී සිහිපත් කළ යුතුය.

ධර්මසිරි බණ්ඩාරනායකගේ “හංස විලක්” චිත්‍රපටයට ධර්මසේන පතිරාජ විසින් පද රචනය කර ප්‍රේමසිරි කේමදාස විසින් සංගීතවත් කරනු ලදුව ටී. එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර විසින් ගායනා කරන ලද “හෙමින් සැරේ පියා විදා” ගීතය පිළිබඳව මහාචාර්ය සුචරිත ගම්ලත් “ගී මිණි ආර” ඔස්සේ සිදුකළ රසවින්දානාත්මක විචාරය පහතින් දැක්වේ.

අද වනවිට ගීත සාහිත්‍ය තුළ සිංහල භාෂා භාවිතය පවා වෙනස් වී තිබේ. සුචරිත ගම්ලත්ලා, පතිරාජලා, කේමදාසලා, සුනිලා අබේසේකරලා සිටි ඒ යුගය පවා අදට සාපේක්ෂව වෙනස්ම එකක් වශයෙන් පෙනේ. ඒ වෙනස්වීම මෙන්ම එවන් මිනිසුන් සමුගෙන යාමද වෙනස් නොවෙනා ලෝක ස්වභාවයයි. සොඳුරු මතක ආවර්ජනයක් මෙන්ම විශාල දැනුමක් උකහා අවස්ථාවක් ද ගී මිණි ආර තුළින් අදටත් අප සැමට ලැබෙන බව අවිවාදිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...