*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

සිංහල සිනමාවේ විශ්මය’ ආචාර්ය තිස්ස අබේසේකර මතකාවර්ජන

ශ්‍රී ලංකාවේ සිනමාව අරඹයා එදා මෙදා තුර පහළ වූ අතිශයින්ම සුදුර්ලභ මෙන්ම ප්‍රමාණික විද්වතකු වන ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ 16වන ගුණානුස්මරණය අප්‍රේල් මස 18 එනම් අද දිනට දී තිබේ.

ආචාර්ය තිස්ස අබේසේකර සිනමාව තුළ බහුවිධ ක්ෂේත්‍ර අරඹයා ප්‍රාමාණිකයෙකු විය. ඔහු සාහිත්‍යමය තිර රචනයේ විශිෂ්ටයකු වුවා පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂණය තුළ කෘතහස්ත නිර්මාණවේදියකු විය. එමෙන් ම රංගනය තුළ ප්‍රතිභාසම්පන්න රංගවේදියෙකු විය. මෙකී විවිධ ක්ෂේත්‍රයන් අළලා ඔහු ප්‍රදර්ශනය කරනු ලැබුවේ වෘත්තීමය නිපුණත්වයකි. එය එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ නිර්මාණකරුවකුගෙන් හඳුනාගත නොහැකි විරල ලක්ෂණයකි.

ඔහු කෙතරම් ශූර නිර්මාණකරුවකු වීද යත් යොමු වූ කුමන ක්ෂේත්‍රයක වුවද හසලත්වය සහ වෘත්තීමය බව එකී ක්ෂේත්‍රය තුළ අනන්‍යව ප්‍රකට කිරීමට හේ සමත් විය.

තිස්ස අබේසේකර තිර රචනය කරන විට අපට සිතෙන්නේ ඔහු දක්ෂතම තිර රචනයට යැයි කියාය. ඔහුගෙන් තොර තිර රචනයක් සම්බන්ධයෙන් අපට කතා කළ නොහැක. ඔහු හා ශ්‍රී ලාංකේය සිනමාවේ තිර රචනා සම්ප්‍රදාය අත්‍යන්තයෙන්ම බැඳී පවතියි.

ඔහු නිවේදන කටයුතුවල යෙදෙන විට අපට සිතෙන්නේ ඔහු නිපුණතම ක්ෂේත්‍රය නිවේදන කලාව බවයි.

තිස්ස අබේසේකරයන්ගේ රංගන කෞශල්‍ය දකින විට අපට හැඟෙන්නේ ඔහුගේ සුවිශේෂ වූ රංගන පෞර්ශයයි.

විටෙක ඔහු සිංහල සිනමාවේ අද්විතීය අධ්‍යක්ෂකවරයාය.

ඉතින් ඔහු එක් කුලයකට පමණක් ලගු කළ හැකි නිර්මාණ වේදියකු නොවන අතර බහුවිධ ක්ෂේත්‍ර තුළ සිය නිසඟ කුසලතාවය ප්‍රදර්ශනය කළ හෙළ සිනමාවේ පිනට පහළ වූ තුන්කල් දුටු ප්‍රාඥායකු විය.

මේ හේතුවෙන්ම බොහෝ විචාරක බුද්ධිමතුන් සිංහල සිනමාවේ විශ්මය තිස්ස අබේසේකර ලෙස හඳුන්වයි.

1939 මැයි 07 වැනිදා උපන් තිස්ස ආනන්ද ද ෆොන්සේකා හෙවත් තිස්ස අබේසේකර ආචාර්ය තිස්ස අබේසේකරයන් ගේ සිනමා ප්‍රගමනය සිදු වන්නේ ආචාරිය ලෙස්ටර් ‌ජේමිස් පීරිස්ගේ ‘ගම්පෙරළය’ සිනමා නිර්මාණයේ අමතර තිර පිටපත් රචකයෙකු වශයෙනි.

එතනින් ඇරඹි සිය සිනමා ගමන හරහා සිනමා නිර්මාණ 29ක් මෙරට සිනමාවට දායාද කිරීමට හෙතෙම සමත් විය.

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා වරක් ප්‍රකාශ කළේ, තිස්ස නමැති තීක්ෂණ සිසුවා ‘සන්දේශය’ සිනමාපටය පිළිබඳව එඩිතරව කළ නිර්දය විචාරය නොවන්නට ලෝක සිනමා සංකේතයක්වූ ‘නිධානය’බිහිනොවන බවයි. නිධානය(1972) සිනමා නිර්මාණයෙහි ද තිර නාටකය රචනා කරනු ලැබුවේ තිස්ස අබේසේකරයි. ඔහු ප්‍රරශස්ත රචකයකුගේ විලාසය ප්‍රකට කරන්නේ මුල් අදියරේ සිටම ආචාර්ය ලෙස්ටර්ගේ මතයයි.

ඔහු විසින් තිර රචනයෙන් සම්බන්ධ නිර්මාණ අතර ගම්පෙරළිය (1963) දෙලොවක් අතර ( 1966) බිනරමලී (1969) අක්කර පහ(1970) වීර පුරන් අප්පු (1971) වැලිකතර (1978) පොඩි මල්ලී(1979) ගඟ අද්දර (1980) මායා (1984) කුලගෙය (1982) ගුරුගෙදර (1993) ලොකු දුව (1996) උප්පලවන්නා (2007) කුසපබා (2012) අතිශයින්ම ප්‍රේක්ෂක සම්භාවනාවට පාත්‍ර විය.

වැලිකතර චිත්‍රපටය සම්බන්ධයෙන් මෙහිලා යමක් සඳහන් කරනු වටියි.

ශ්‍රී ලංකාවෙ මෙන්ම දකුණු ආසියාවේත් පළමුවැනි සිනමාස්කෝප් (අතිවිශාල පුළුල්තිර) චිත්‍රපටිය වෙන්නෙ වැලිකතර චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය 1971 ඔක්තෝම්බර් 27 වෙනිද ප්‍රදර්ශනය කෙරෙන අතර තස්ස අබේසේකරයන්ගේ තිර රචනය දෙබස් එවකට රසිකයන් වඩාත් ආකර්ශනය කර ගැනීමට සමත් විය. එහි වඩාත් කතාබහට ලක්වූ දෙබසක් නම්

“ආසියත් මගේ ලග, බූරුවත් මගේ ලග, නමේ කොලෙත් මගේ ලග, තුරුම්පු හතරයි,

….හාමුදුරුවනේ ..අත වහල ගහමුද” – (ගෝරිං මුදලාලි)

“රජ දැක්මට අවසරද “

“අවසරයි” 

මීට අමතරව ඔහු විසින් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ නිර්මාණ ත්‍රිත්වයකි. එනම් කරුමක්කාරයෝ (1980) මහගෙදර(1982) විරාගය (1987) අතිශය වැදගත්ය.

සිංහල සිනමා වංශාවලිය තුළ විරාගය යනු මෙරට සිහිවටනාත්මක චිත්‍රපටය විය.

සිය නිර්මාණ ජීවිතය තුළ ඔහු අවස්ථා ගණනාවක දී ජනාධිපති හා සරසවි සම්මානයට පාත්‍ර විය. ඔහු විසින් දිනා ගන්නා ලද ජනාධිපති සම්මාන 1978 වසරේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ හොඳම සහය නළුවාට හිමි ජනාධිපති සම්මානය හිමි විය. මීට අමතරව හොඳම තිර රචනය වෙනුවෙන් 1978 අහසින් පොළවට චිත්‍රපටය සඳහා ද 1980 ගඟ අද්දර චිත්‍රපටය සඳහා ද1982 මහ ගෙදර චිත්‍රපටය සඳහා ද 1996 ලොකු දුව චිත්‍රපටය සඳහා ද හිමිකර ගන්නා ලදි.

මීට අමතරව හෙතෙම අවස්ථා රැසකදී සරසවි සම්මානයට පාත්‍ර විය. එනම් 1970 වසරේ හොඳම තිර රචනය වෙනුවෙන් බිනරමලී චිත්‍රපටය සඳහා ද 1983 වසරේ මහ ගෙදර චිත්‍රපටයේ හොඳම අධීක්ෂණය වෙනුවෙන් ද 1988 වසරේ විරාගය චිත්‍රපටයේ හොඳම අධ්‍යක්ෂණය හා තිර රචනය වෙනුවෙන්1993 වසරේ කුලගෙදර චිත්‍රපටයේ හොඳම තිර රචනය වෙනුවෙන් ද 1994 වසරේ ගුරු ගෙදර චිත්‍රපටයේ හොඳම තිර රචනය වෙනුවෙන් ද තිස්ස අබේසේකරයන් සරසවි සම්මානයට පාත්‍ර විය.

මොහු විසින් රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් අධ්‍යක්ෂණය කර ඇති වෘත්තාන්ත චිත්‍රපට සංඛාව 40 පමණ වන බව කියැවේ. මීට අමතරව 1999 සිට 2001 දක්වා ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතීත්වය ද දැරීය.

නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රය තුළ තිස්ස අබේසේකරයන් අධ්‍යක්ෂණය කළ ”පිටගංකාරයෝ ” නාට්‍ය නිර්මාණයද සුවිශේෂ වේ.

තිස්ස අපෙසේකරයන් නිර්මාණශීලී සාහිත්‍යකරුවකු ද වන අතර සිංහල කෙටිකතා සංග්‍රහයක් සහ ගීත සමුච්චයක් ද ඔහුගේ නිර්මාණ අතර වේ. ඉංශ්‍රීසි භාෂාවෙන් සාහිත්‍ය කෘති පළ කළ එතුමන් (Bringing Tony Home) “ටෝනී නිවසට ගෙන ඒම” ප්‍රබන්ධය සඳහා ග්‍රේෂන් සම්මානය හිමි කර ගැනීමට ද සමත් වී තිබේ.

කවියකුගේ ආත්මීය හඩ කියවීම පහසු නැත. එමෙන් ම තිස්ස අබේසේකරයන්ගේ ගේය පද රචනාවන් පිළිබඳ විවරණ කිරීමද පහසු නැත.

වත්සලා අක්කා” චිත්‍රපටය 1985 වෙනුවෙන් තිස්ස අබේසේකරයන්ගේ ගේය පද රචනාව ”සඳ මෝරා උඩු ගුවනට” මාලනී බුලත්සිංහල විසින් ගයන විට අපද ඒ හා ඒකාත්මික වන්නෙමු. ඔුහුගේ හැඟීම්වල දැනීම්වල අකුරු ඇත්තේ එහිය. ආදරයේද, ප්‍රේමයේද, ශෘංගාරයේද කම්පන ඇත්තේ එහිය.

විවිධ දේශීය, විදේශීය සාහිත්‍ය ධාරාවන් ඇසුරිනේ ලත් පෝෂණය, විවිධ කලාවන් ඇසුරේ ලත් දැනුම හා ශික්ෂණය, ආචාර්ය තිස්ස අබේසේකරයන්ට ප්‍රශස්ත නිර්මාණ බිහි කිරීමට හේතු වූවා විය හැකිය. එහි ප්‍රතිඵලය වුයේ සිංහල සිනමාවේ අඩසියවසක සිනමාවේදීන් අතර විශිෂ්ටතමයන් දස දෙනා අතර සිටිමට ද අබේසේකරයන් භාග්‍ය සම්පන්න වීමයි.

ඔහු ආ ගමන් මඟ දුහුනනට රස ගුලාවකි. ශුද්ධ දැනුම් බලාගාරයකි.

සිය වියෝවෙන් වසර 16ක් ගියතැන පවා අප තවමත් මේ සුවිශිෂ්ඨ නිර්මානවේදියා සම්බන්ධයෙන් ලියමින්, කියවමින්, හදාරමින් සිටින්නෙමු. ඔහු එතරම්ම විශ්වීය ඥාණ මණ්ඩලයකි. එය සඳුන් ගසක් කපනවාක් වැනිය. සඳුන් ගස කපන්නට කපන්නට සුවඳ වඩා වඩාත් දසත පැතිරෙමින් ඇත.

 විචාර බුද්ධියක්වත් නැති නිකමුන් මහා කලා නිධාන බවට පත් වූ රටක තිස්ස අබේසේකරයන් වැනි මහා කළා නිධාන යලි යලිත් මෙරට බිහිවිය යුතුමය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan