ආසියානු සම්මේලන කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකටම පරාජයන් දෙකක්.

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 18 කොළඹ LNW :

ඉන්දුනසියාවේ ජාකර්තා හී දි පැවත්වෙන ආසියානු සම්මේලන හොකී තරගාවලියේ පිරිමි අංශයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ පළමු තරගයේදී කසකස්තානයට එරෙහිව 3-2 ක පරාජයක් අත් විඳිනු ලැබුවා.එසේම අද තරග බිසට පිවිසි කාන්තා කණ්ඩායම අවාසනාවන්ත ලෙස ගෝල 5-0 ක පරාජයක් හොංකො කණ්ඩායම වෙතින් අත් කර ගත්තා.
තරගයේ ගෝල ලබා ගැනීම කසකස්තානයේ ඇගිම්ටේ දුයිෂෙන්ගෂි විසින් ආරම්භ කළත්,ශ්‍රී ලංකාවේ ධම්මික රණසිංහ පළමු අර්ධය නිම වන විට ලකුණු තත්ත්වය සම කරමින් ශ්‍රී ලංකාවටද ගෝලයක් ලබා දුන්නා.දෙවන අර්ධයේදී කසකස්තානයේ මැක්ෂාට් ෂොකෙන්බේයෙව් ද නැවතත් ඇගිම්ටේ ද ක්‍රියාත්මක වෙමින් ගෝල ලබා ගනිමින් පෙරට ගිය අතර තරගයේ 48 වන මිනිත්තුවේ දී එම අභියෝගය හඹා ගිය ශ්‍රී ලංකාව වෙනුවෙන් සඳ සුදුසිංහ ගෝලයක් ලබා ගැනීමෙන් ඔබ්බට ගමන් කිරිමට අසමත් වූ නිසා තරගය නිමා වන විට ඉන්දුනීසියාව 3-2 ක් ලෙස ඉදිරියෙන් සිටින්නට සමත් වුණා.කෙසේ වුවත් තරගයට තරගකාරී අවසානයක් එකතු කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.


කාන්තා කණ්ඩායමට එරෙහිව හොංකොං කණ්ඩායම පළමු අර්ධය නිමා වන විට ගෝල 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටි අතර දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සිය ආක්‍රමණය තව දුරටත් දැඬි කරමින් ගෝල 3 ක් රැස් කළේ සමස්ත තරගයේ ජයග්‍රහණය ගෝල 5-0 ක් ලෙස සටහන් කරමින්ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේම අවධානය...

යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුව විභාගයට දින නියම වෙයි!

කොළඹ LNW:මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී...

2026 අයවැය:අවසන් වාර්තාව ජනාධිපතිගේ නිරීක්ෂණයට!

කොළඹ LNW:2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර...

දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : අද (06) දිනයේ...