අතුරුදහන් වූ මහබැංකු මුදල් සොයා විමර්ශන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහ බැංකුවේ භූගත තුන්වැනි මහලේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොටුව පොලිසියට ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවී ඇති අතර , මෙසේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදල කිසියම් පුද්ගලයකු සොරා ගත්තේ ද එසේත් නැතිනම් අතපසුවීමකින් බැංකුවෙන් පිටවූයේ ද යන්න මෙතෙක් හෙළිකර ගැනීමට පොලිසිය සමත්වී නැත.

මේ පිළිබඳ පොලිසියට කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ මුදල් ගබඩා කර තිබෙන කාමරවල නිසි ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ නිසා බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම මුදල් අතුරුදන්වූ කාමරයේ සී සී ටී වී කැමරා පවා සවිකර නොතිබූ බව විමර්ශකයෝ පවසති. එමෙන්ම මෙම මුදල් ගබඩා කාමර වෙත, ලැබෙන මුදල් මෙන්ම ඒවා පිට කරන ආකාරය පිළිබඳව නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව ද විමර්ශකයෝ පවසති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇති බව ද වාර්තා වෙයි. රටපුරා බැංකුවලට මුදල් බෙදා දෙන මෙම ඒකකය නිලධාරීන් 15 දෙනකුගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන බව හෙළිවී ඇත.

එම මුදල් භාරව සිටි නිලධාරීන් 15 දෙනාගෙන් කොටුව පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබේ. එහෙත් අතුරුදන්වූ ලක්ෂ 50 ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ මේ වනතුරු කිසිදු හෝඩුවාවක් ලැබී නැත. මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් රහස් පොලිසිය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...