නුදුරේදීම උත්තර පත්‍ර පරීක්ෂා කිරීම ඇරඹේවි – අධ්‍යාපන අමාත්‍යවරයා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද හැකි ඉක්මණින් අවතීර්ණ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව , කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය . මේ වනවිට මහාචාර්යවරුන්ට උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් දීමනා වැඩිකර ඇති බවද ඔහු කියා සිටී.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ගුරු සංගම් එක්ක සාකච්ඡා කරලා, මීට මාස 2කට කලින් ඒ අයගේ දීමනා වැඩිකරන්න. සංයුක්ත දීමනාව වැඩි කළා අපි රු 2000කින් ඒ අයට කිලෝ මීටර් 80කට වැඩි අයට රු 2,900කින් වැඩි කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් මහාචාර්යවරුන්ටත් උත්තර පත්‍ර පරීක්ෂා කරන කටයුත්තේ දී ඒ අයට ලැබුණු සංඛ්‍යාවට වඩා 90%කට වැඩි ප්‍රමාණයකින් දීමනා වැඩි කළා. උදාහරණයක් ලෙස රු 50,000ක් ලැබුණ කෙනාට 10,5000 හම්බෙනවා. මිලියන 400කට වැඩි ප්‍රමාණයක් ගුරුවරුන් උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඒ පරීක්ෂණ කටයුතුවල දීමනාත් වැඩි කරන්න භාණ්ඩාගාරය එකඟවෙලා තියෙනවා. බුද්ධි අංශ වාර්තා කරනවා උත්තරපත්‍ර පරීක්ෂා කිරීම පමා කිරීම තුළින් අවුරුදු 18 – 20 තරුණයින් දැඩි අසහනයට පත්වෙනවා කියලා. මම ඉතා ඕනෑකමින් ඉල්ලනවා ගුරු සංගම් වලින්. බොහෝදුරට ඔවුන් එකඟවෙලා තියෙනවා, මේ කටයුත්තට අවතීරණ වෙලාත් තියෙනවා, විභාග දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ කටයුතු කරලා තියෙනවා. මම හිතනවා අද හෝ හෙට විශ්වවිද්‍යා ආචාර්යවරු මේකට අවතීරණ වෙයි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්!

කොළඹ LNW:දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර...

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු  මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි වූ දේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : පොලිස් මත්ද්‍රව්‍ය නාශක...

මැතිසබේට නෑගම් ආ නයා ….

පාරලිමේන්තුවේ කතානාදතුමාගේ කාර්යාලයට ගිය පාරලිමේන්තු සේවකයෙක් එකපාරටම ගල්ගැහුනේ ජනේලය...

හැදෙන ගස්

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...