*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

වාර්තා සමඟ දින තුනෙන් වැඩේ හමාරයි

අයර්ලන්තය ශ්‍රී ලංකාව සමඟ පැවතු වූ පළමු ටෙස්ට් තරගය නිමා කළේ ශ්‍රී ලංකාවට වාර්තාගත ජයග්‍රහණයකට අවශ්‍යය පාර සකසමින්ය.වර්ෂ 2004 දී ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලැබූ ඉණිමක සහ ලකුණු 245 ක් වූ විශාලතම ජයග්‍රහණය තවත් විශාල කරමින් මේ තරගයේදී ශ්‍රී ලංකාව අයර්ලන්තයට එරෙහිව ඉණිමක සහ ලකුණු 280 ක ජයග්‍රහණයක් සනිටුහන් කර ගනිමින් නව වාර්තාවක් එකතු කරන්නට සමත් වුණා.
වැදගත්ම කරුණ පිතිකරණයේ දි සහ පන්දු යැවීමේදි ශ්‍රී ලංකාව පෙන් වූ ශක්තියයි.ඔවුන් ශතක හතරක් සහිත ඉණිමකින් පසුව ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවන්ට ඉණිම දෙකේම අර්ධ ශතකයක් හෝ ලබා ගන්නට දුන්නේ නැහැ.එයත් වාර්තාවක් සේ සැළකෙනවා.ශතක හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වාර්තා කළ කණ්ඩායමක් ප්‍රතිවාදී කිසිඳු පිතිකරුවෙක්ට ලකුණු 50 ක් හෝ ලබා ගන්නට නොඳුන් පළමු අවස්ථාව ලෙස මේ තරගය ඉතිහාසයට එකතු වෙනවා.

දිල්රුවන් පෙරේරා තරග 11 දී ටෙස්ට් කඩුලු 50 ක් දවා ගනිමින් තබා තිබූ වාර්තාව අද රමේෂ් මෙණ්ඩිස් අතින් සම වුණා.තම 11 වන ටෙස්ට් තරගයට ක්‍රිඩා කරපු රමේෂ් මෙණ්ඩිස් තමන්ගේ ටෙස්ට් ජිවිතයේ කඩුලු 50 ට ළඟා වුණේ වේගවත්ම ටෙස්ට් කඩුලු 50 ලබා ගැනිමේ වාර්තාවට දිල්රුවන් පෙරේරා හා සම තැන ලබමින්.නමුත් මේ වාර්තාවේ ආයු කාලය එළැඹෙන තරගයේදී නිමා කරන්නට බොහෝ විට ප්‍රභාත් ජයසූරිය කටයුතු කරන්නට ඉඩ තිබෙනවා.ඔහු මේ තරගය නිමා කරන විට තරග හයකදී ලබා ගෙන ඇති කඩුලු ප්‍රමාණය 43 ක් වෙනවා.


දැනට ලෝකයේ වේගවත්ම ටෙස්ට් කඩුලු 50 වාර්තා හිමිවන්නේ 1887 සිට 1895 දක්වා ටෙස්ට් තරගවලට ඒසස්ට්‍රේලියාව නියෝජනය කළ චාර්ල්ස් ටර්නර් ට ය.ඔහු තරග හයකදී කඩුලු 50 ක් දවා ගන්නට සමත්ව ඇත.නමුත් එම සටහනේ දෙවැනි තැන සිටින 1800 වර්ෂයන් හී ම ටෙස්ට් තරග ක්‍රීඩා කරපු තෝමස් රිචඩ්සන් සහ 2020 වන තෙක් නවසීලන්තයට ක්‍රිඩා කරපු වර්නන් පිලැන්ඩර් තරග 7 දී කළ දේ කරන්නට ඊළඟ තරගයේදි ප්‍රභාත් ජයසූරියට ඉඩ විවර වී ඇත.

මේ වාර්තා අතර මුරලිදරන් දකින්නට ලැබෙන්නේ කඩුලු 350 වේගවත්ව වාර්තා කිරීමේ සිට වන අතර ඒ දක්වා මුරලි මුල් තිදෙනා අතර හෝ දකින්නට ලැබෙන්නේ කඩුලු 300 ලබා ගනිද්දී ය.ප්‍රභාත් ජයසූරිය මෙන්ම රමේෂ් මෙණ්ඩිස් ද ඒ අනුව මේ සිටින්නේ මුත්තයියා මුරලිදරන්ගේ ආරම්භයටත් වඩා හොඳ තැනක වන අතර කාලය හොඳ අතට ගෙන කඩුලු දඩයම වඩාත් යහපත් අතට ගෙන එන්නට නම් මුරලි මෙන් නිරන්තර ක්‍රිකට් හි සැරිසැරීම අත්‍යවශ්‍යය කාරණයක් විය යුතුය.



අප උදෑසන තරගයේ දෙවන දිනය ගැන සටහනේ කී පරිදිම තරගය නිමා වූයේ ශතක රැස් කර සිව් දෙනාට වඩා තරගයට වැඩි ආලෝකයක් එක් කළේ ප්‍රභාත් ජයසූරිය බවට තහවුරු කරමින්ය.ඔහු ඉණිම දෙකේ දී ලකුණු 08 ට කඩුලු 10 ක් දඩයම් කරන්නට සමත් වූවේ තරගයේ වීරයා වෙමින්ය. තෙවන දිනයේ තේ පානයෙන් පසුව කණ්ඩායම් දෙකටම විවේකයට සහ විනෝදයට දින දෙකක් ඉතුරු කර තබමින්ය.නමුත් ක්‍රිකට් තරගාවලියක් ඇත්ළත විවේකය ද වඩා ඉහළ විනෝදයක් වෙනුවෙන් කැප කරන්නට වෘත්තීය ක්‍රිඩකයින් දක්වන නැඹුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අත් හැර දැමිය යුතු නැත.

පළමු ඉණිමේ අයර්ලන්ත ඉණිම වෙනුවෙන් ලෝකන් ටකර් එකතු කළ ලකුණු 45 තරමටත් වඩා විටිනා ආක්‍රමණික ලකුණු 42 ක් දෙවන ඉණිමට එකතු කරන්නට හැරී ටෙක්ටර් සමත් විය.ඔහු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී නොයන්නට බොහෝ විට එම සටනේ ස්වභාවයට ගෞරව පිණිස අර්ධ ශතකයක් එකතු වන්නට තිබිණ.
දෙවන ඉණිමේ දි තරගය ආරම්භයේදී ම අයර්ලන්ත විනාශයට පාර කැපීම ආරම්භ කළේ විශ්ව ප්‍රනාන්දුය.ඔහු අතින් පළමු කඩුල්ල සහ දෙවන කඩුල්ල දැවී ගිය පසු ඇති වන පීඩනය ඇතුළේ දෙවන ඉණිමේ විශාලම දඩයම වාර්තා කළේ රමේෂ් මෙණ්ඩිස් ය.ඔහු ලකුණු 76 ට කඩුලු 4 ක් දවා ගත් අතර ප්‍රභාත් ජයසූරිය තරගයේ කඩුලු පැස 10 ක් බවට පත් කර ගනිමින් දෙවණ ඉිමේ ලකුණු 56 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.ඒ ඔහුගේ තරග හයක කෙටි ටෙස්ට් ජීවිතය තුළ තරගයක කඩුලු 10 ක් දවා ගත් දෙවන අවස්ථාව වන්නේය.

මේ අතර පිතිකරු අසළ ඉතා විමසිලිමත් දෑසෙන් පන්දු රැකිය හැකි විශිෂ්ඨයෙක් ද මේ තරගාවලියේ දි ශ්‍රී ලංකාවට ආශිර්වාද ලෙස ලැබිණි.ෂෝට් ලේග් හි සිට අපූරු උඩ පන්දු දෙකක් රැක ගත් නිශාන් මධුහ්කගේ පිතිකරණ හැකියාව මෙන්ම මේ පන්දු රැකීමේ සුවිශේෂීත්වය ද අනාගතයේ දී ශ්‍රී ලංකාවට බෙහෙවින් පලදායි වනු ඇත.


මේ සමඟ තරගයේ විශේෂ අවස්ථා කිහිපයක ඡායාරූප දැක්වෙන අතර පහතින් දැක්වෙන සබැඳිය තරගයේ සමස්ත ලකුණු පූවරුව වෙත පිවිසෙන්නටය.

https://www.espncricinfo.com/series/ireland-in-sri-lanka-2023-1363445/sri-lanka-vs-ireland-1st-test-1363447/full-scorecard

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan