*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කෙරෙන ලකුණු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේදී ලිහිල් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා එය ද රුකුලක් වන බවත් , රේගුවේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අද (18) ඒ බව පැවසීය.

රේගුව වෙත පළමු මාස 03 සඳහා ලබාදී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270 ක් වන අතර , එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් පෙන්නුම් කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ , 2021 වසරේ දී භාණ්ඩ 485ක් ද 2022 වසරේදී භාණ්ඩ 750ක් සඳහා ආනයන සීමා පැනවූ බවත් , නුදුරේදීම අදාළ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබාදෙන නිර්දේශ මත අදාළ තීරණ ගන්නා බවත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan